21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවේ.

පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවේ.

ගුවන් කොමදෝරු අක්ථාර් ඉම්රාන් සදෝසායි (Air Commodore Akhtar Saddozai) ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් අද (2022 ජුනි 07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ඒ අනුව, 2022 ජුනි මස 06 වන දින උදෑසන දින 06 ක අධ්‍යයන චාරිකාවාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ධූත පිරිස, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී සුහද පිලිසඳරක නිරතවීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, පාකිස්ථානු  ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව හා එහි කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පීරිස් විසින් හැඳින්වීමේ දේශනයක් පවත්වන ලදි. අනතුරුව නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව එම ධූත පිරිස සමඟ අධ්‍යයන සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments