27.3 C
Sri Lanka
Wednesday, August 13, 2025
HomeTOPගිවිසුම් හා බැඳුම්කර කඩ කළ මොරටුව විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන්ගෙන් අයවිය යුතු මුදල...

ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ මොරටුව විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් 51,649,961ක් – කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ විශ්ව විද්‍යාල අචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය. ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ අචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපියල් 23,190,595ක් බවද එහිදී හෙළිදරව් විය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා පැවසුවේ ඉහත සංඛ්‍යාවෙන් 05ක් දැනට අය කරගෙන ඇති බවත්, 12ක් වාරික වශයෙන් අයකර ගැනිමට කටයුතු කරන අතර 11ක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය. මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරිම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

මොරටුව විශ්ව විද්‍යාලය මූලික වශයෙන් ගණිත,විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයන් මූලික කරගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුපතිවරයා දැනුම්දුන්නේ කොප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මේ වන විට අධ්‍යයන වර්ෂ දෙකක සිසුන් අධ්‍යාපනය ලබන බවත් ඊලඟ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත නමුත් පීඨය සඳහා කිසිදු ගොඩනැගිල්ලක් මේ වන තෙක් ඉදි කොට නොමැති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. වෛද්‍ය පීඨයේ තුන්වන සහ අවසාන අධ්‍යයන වර්ෂ සඳහා නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලය නියමිත පරිදි ලබාදෙන ලෙසද උපකුලපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහල ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කොට ඇති නමුත් එහි අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දැනට තෝරාගෙන ඇති අක්කර 15ක කළුතර නාගොඩ ඉඩම අත්පත් කර ගැනීම පිණිස ප්‍රතිපාදන ලැබී නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා බැංකු ණයක් ලබා ගැනීමට රජය විසින් උපදෙස් ලබා දී ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් පවතින බවද මහාචාර්යවරයා පැවසීය.

මෙහිදී කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඒ ඒ කාලවලදී කටයුතු කරන දේශපාලන අධිකාරීන් විසින් තම අභිමතය මත විශ්ව විද්‍යාල සඳහා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සේවකයන් පත් කිරීම විශාල ගැටලුවක් වි ඇති බවද කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

විශ්ව විද්‍යාලය තුළ පවත්වාගෙන යනු ලබන යුනි කන්සල්ටන්සි නැමැති සමාගමට තවමත් අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ‍ගැනීමට අසමත් වීම සම්බන්ධව මෙහිදී කෝප් කමිටුව විමසා සිටි අතර උපකුලපතිවරයා සඳහන් කළේ  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවා ඇති බවයි. මෙම ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධව සිය නොසතුට පල කළ සභාපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස දැනුම් දුනනේය.

එයට අමතරව මොරටුව විශ්ව විද්‍යාලය යටතේ ආරම්භ කරන ලද එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි (Lk Domain Registry)සමාගම පිළිබඳවද සාකච්ඡා කෙරිනි.  2004.03.05. වැනිදින මොරටුව විශ්ව විද්‍යාලය සතු සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති මෙම සමාගමේ අයිතිය මේ වන විට විශ්ව විද්‍යාලයට අහිමිවීම පිළිබඳව මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ එල් කේ(.lk) ඩොමේන් රෙජිස්ට්‍රි සමාගම ජාතික වටිනාකමකින් යුත් ආයතනයක් ලෙස සලකා එහි අයිතිය  නැවත මොරටුව විශ්ව විද්‍යාලයට ලබා ගැනීම කටයුතු කරන ලෙසයි.

විශ්ව විද්‍යාල ආශ්‍රිතව පවතින මෙවැනි සමාගම්වල නීතිමය රාමුව ශක්තිමත් කිරිමේ වැදගත්කමද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර අමාත්‍යාංශ ලේකම්වරයා‍ වෙත නිර්දේශ කළේ යුනි කන්සල්ටන්සි සමාගමට කැබිනට් අනුමතිය ලබා ගැනීම මෙන්ම එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි, සහ ලර්න් (LEARN) නැමැති සමාගම් පිළිබඳ වාර්තාවක් මාස 03ක් ඇතුලත ලබා දෙන ලෙසයි. එමෙන්ම මුළු විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි විශ්ව විද්‍යාල ආශ්‍රිත උපදේශන සේවා සමාගම් වලට පොදු උපදෙස් මාලාවක් සැකසීමේ වැදගත්කමද සභාපතිවරයා පෙන්වා දුනනේය.

විශ්ව විද්‍යාලයේ ප්‍රසම්පාදන සැලැස්ම නියමිත පරිදි ඉදිරිපත් කිරීම, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණන හා කළමාණාකරන කමිටු රැස්වීම් පැවැත්වීම ආදී කරුණු සතුටුදායක මට්ටමක පවතින බවට මෙහිදී කෝප් සභාපතිවරයා විශ්ව විද්‍යාල පාලන අධිකාරිය අගැයීමට ලක් කළේය.  

මෙම රැස්වීමට පාර්ලිමේන්තු වන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජයන්ත සමරවීර, ගරු එරාන් වික්‍රමරත්න, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රෙම්නාත් සී. දොලේවත්ත යන පහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත, මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments