රජයේ රක්ෂිතයට ඇතුළුවී දැව කපනු ලැබු පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක පී.ජී.ආර්.එන්. ගුණවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) සෙට්ටිකුලම පොලිස් වසමේ පාසල් පාර, මුදලියාර්කුලම් ලිපිනය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව රජයේ රක්ෂිතයට ඇතුළුවී කපන ලද බුරුත දැව කඳන් හා ඉරන ලද බුරුත දැව ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටි මුදලියාර්කුලම්.
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම බීට්ටු වන කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ඇති දුර කි.මී. 03 ක් පමණ වේ.
එහිදි විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් 06ක්, විවිධ ප්‍රමාණයේ බුරුත උළුවහු කඳන් 20ක්, විවිධ ප්‍රමාණයේ බුරුත ලෑලි 31ක්, පලු කරන ලද බුරුත දැව එකක් අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ කඳවුරේ නිලධාරී පිරිසක් නීතිවිරෝධි මත්පැන් හා ඒ්වා නිෂ්පාදනය කිරීමට ගන්නා ගෝඩා ඇතුළු උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේනිලධාරි පිරිසක් වාලච්චේන අඩවිවන කාර්යාලයේ නිලධාරි සමග අනවසරයෙන් වාකනේරි රක්ෂිතය තුළට ඇතුළුවි රක්ෂිතය එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කිරීමේ වරදට අයකු සමග වැලි පටවන ලැබු ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් ගල්ඔය යෝජිත රක්ෂිතයට ඇතුළුවි අක්කරයක ප්‍රදේශයක කැලෑ එළිපෙහෙලි කර ගිනි තැබීම සිදුකළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ජාවාරම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසික් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.