මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකටද වෛරසය ආසාදනය වී තිබේ.
ඒ බව තහවුරු වී ඇත්තේ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පුද්ගලයින් 163කට සිදුකළ PCR පරීක්ෂණයේදීය.
PCR වාර්තා අනුව ඇගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොතිබුණු අතර වෛරසය ආසාදනය වී ඇත්තේ එම සිසුවියට පමණයි.
ඇය පසුගිය දිනක පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ ආසාදිතයෙකුගේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගි වී තිබේ.
ආසාදිත සිසුවිය ඇගේ මව සමග කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා පැවසුවේය