උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති වේ.
දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ එනම් උතුරු මැද සහ වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.
ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකිය.
මේ අතර, අද (10) දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.