26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeසමාජසේවාSingularity Sri Lanka සංවිධානය කරන Community Kitchen පොදු ජනතාවට පිසු ආහාර ලබාදීමේ...

Singularity Sri Lanka සංවිධානය කරන Community Kitchen පොදු ජනතාවට පිසු ආහාර ලබාදීමේ තවත් එක් පියවරක් ග්‍රෑන්ඩ්පාස්හීදි

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පොදුජනතාව මුහුණ පාන ආහාර සපයා ගැනීමේ බරපතල දැඩිදුෂ්කරතාවයට යම් විසඳුමක් ලබාදෙමින් Singularity Sri Lanka සංවිධානය සහ සර්වෝදය ඒ්කාබද්ධව ක්‍රියාත්මක කරන Community Kitchen මාලාවේ තවත් එක් පියවරක් ඉකුත්(14) ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථාන පරිශ්‍රයේදි සාර්ථකව පැවැත්විණි.

මේ සඳහා ප්‍රදේශවාසීන් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් පිළියෙල කරනු ලැබු රාත්‍රී ආහාරය 1700ක පමණ ප්‍රමාණයක් එදින පස්වරු 6.30 සිට ප්‍රදේශවාසින් වෙත බෙදාදීම එහිදි සිදුකෙරිණි වියළි ආහාර සැපයිම Singularity Sri Lanka සංවිධානය මගින් සපයනු ලැබිය. මේ අවස්ථාවට මීසම් භාර ගරු කලණ පීරිස් පියතුමාගේ සම්බන්ධිකරණය කිරීම සිදුවු අතර Singularity Sri Lanka නිර්මාතෘ මංජු නිශ්ශංක මහතාද සහභාගිවිය.

Community Kitchen තවදුරටත් මූලික අදියර කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරියට සර්වෝදය සම්බන්ධිකරණය මගින් දීප ව්‍යාපත්ව කිරීමට Singularity Sri Lanka සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments