ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථීකයින්ගේ සංගමය එකාබද්ධව පොසොන් පොහොය නිමිති කොට ගෙන (13) සීදුව වෘත්තීය පුහුණු ආයතනයේදී විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සහ නේවාසික දරුවන් සදහා නොමිලේ වෛද්‍ය සායනයනයක් පැවැත්විණි.
මෙම එකාබද්ධ වෛද්‍ය සායානය තුලින් හලාවත නැගෙනහිරු දෘෂ්‍යාබාධිත සංගමයේ සාමාජිකයින් 50 දෙනෙකුද සීදූව දෘෂ්‍යාබාධිත සුභසාධක සංගමයේ සාමාජිකයින් 50 දෙනෙකු සහ සීදුව වෘත්තීය පුහුණු ආයතනයේ විවිධ අබාධිත වලින් පෙලෙන දරුවන් 85 දෙනෙකු මෙම වෛද්‍ය සායනයට භාජනය විය. මෙම වෛද්‍ය සායන වැඩ සටහන යටතේ කායික වෛද්‍ය සායන, මානසික වෛද්‍ය සායන, දන්ත සායන සහ අක‍්ෂි වෛද්‍ය සායනයන් පැවැත්විය.
මෙම වෛද්‍ය සායනයට සමගාමීව පොසොන් භක්ති ගීත වැඩසටනක් සහ දෘෂ්‍යාබාධිත සාමාජිකයින් වෙත වියලි සලාක ඛෙදා දීමක්ද සිදුකරන ලැැැබු අතර හලාවත නැගෙනහිරු දෘෂ්‍යාබාධිත සංගමය වෙත රූපවාහිනි යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමද මෙහිදි සිදුවිය.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද, යුද හමුදා නාවික හමුදා,ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකවරුන් වන බිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ශෛලවෛද්‍ය කොමඩොර් ජනක මාරඹගේ සහ එයාර් වයිස් මාර්ෂල් ලලත් ජයවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්ද ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථීකයින්ගේ සංගමයේ සභාපතිනි එයාර් කොමඩෝර් නීලුකා අබේසේකර මහත්මිය ඇතුලූ එම සාමාජිකයින්ගේ සංවිධාන ශක්තියෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.




