29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකසළ තේ,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කසළ තේ,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

භාවිතයට නුසුදුසු කසල තේ ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගම්පොල ‍කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගම්පොල ‍කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ඩී.ඩබ්.ඩබ්.බී.එල්.ආර්. වීදියබණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) වෙලම්බඩ පොලිස් වසමේ වෙලම්බඩ – බූවැලිකඩ මාර්ගයේ, ගම්හත හංදියේ දී කසල තේ කිලෝ ග්‍රෑම් 1,890 ක් සන්තකයේ තබාගෙන ලොරි රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටි වෙලමිබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (19) පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කිරිඳිවැල පොලිස් වසමේ අරලියවත්ත හන්දිය අසලදී හෙරෙයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 220ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ‌ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ අඹන්පිටිය මහිම සර්විස් ආයතනය අසලදි හෙරොයින් ග්‍රැම් 02යි මිලිග්‍රෑම් 490ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. මස්කෙලිය කඳවුරේ නිලධාරි පිරිසක් යටියන්තොට පොලිස් වසමේදී නීති විරෝදි මත්පැන් (ගෝඩා) ලිටර් 180ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments