හෙරොයින් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) කිරිබත්ගොඩ පොලිස් වසමේ දිමුතු ප්‍රසන්න පටුමග මාර්ගයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
එහිදි හෙරොයින් ග්‍රෑම් 03ක්, හෙරොයින් අලවිකර උපයනලද මුදල් රුපියල් 46,600.00ක් අත්අඩංගුවට ගෙන තිබේ.
