19.9 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්සහල් පාලන මිලට මෝල්හිමියන් හැප්පෙති.

සහල් පාලන මිලට මෝල්හිමියන් හැප්පෙති.

රජයේ පාලන මිලට සහල් ලබාදිය යුතු යැයි අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසද්දී නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා පාලන මිලට සහල් ලබාදිය නොහැකි බව පැවසීමත් සමග සහල් මෝල් හිමිකරුවන් අතරම මත ගැටුමක් ඇතිවි ඩඩ්ලි සිරිසේන මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.

මෙම සිදුවීම ඇතිවූයේ ඊයේ (22) සහල් මෝල් හිමියන් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවක් අතර තුරදීය. මෙය කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

එහිදි අදහස් දැක්වු ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය……….දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනතාවට සහල් විකුණා ලාභ ලැබූ ව්‍යාපාරිකයින් ලෙස මේ අවස්ථාවේ ජනතාව වැටි තිබෙන දුක්ඛිත තත්ත්වය පිළිබඳ සිතිය යුතුයි.

පාලන මිල සහල් අළෙවි නොකරන වීමෝල වටලා වී තොග රජය භාරයට ගතයුතු යැයිද ඩඩ්ලිගේ සහල් මාෆියාව ලෙස හැදින්වුවද වර්තමානයේ සහල් වැඩි මිලට විකුණන පුද්ගලයන් මාෆියාවක් ගෙනයමින් තිබෙන බව පැහැදිලි වෙනවා.

තමන් ඇතුළු ප්‍රධාන සහල් මෝල් හිමියන් සහල් මිල අඩුකරා සේම වී මිල වැඩි කිරීමට පියවර ගත් බවත් රජය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාදීමට ඉදිරිපත්විය යුතුයි.

වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 7,500 බැගින් මීට පෙර මිලදී ගත් තොග ප්‍රධාන සහල් මෝල්හිමියන් සතුයි. එම වීවලින් රජයේ පාලන මිලට සහල් දියහැකි වෙනවා.

රුපියල් 7,500 කට මිලදීගත් නාඩු සහ සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,000 ක් දක්වා ද, රුපියල් 8,000 කට මිලදීගත් කීරි සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,500 බැගින් ද, මිලදී ගන්නා බවත් සහල් මිල අඩුකර වී මිල වැඩි කර තිබෙනවා.

නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා අදහස් දක්වමින් කියා සිටියේ සහල්වල පාලන මිල රුපියල් විසිපහකින් වැඩිකළ යුතු බවයි. එහිදි අසරණවි සිටින ගොවීන්ට යම් සහනයක් ලබාදීමට පියවර ගත යුතු බව හෙතෙම කරුණු පෙන්වාදෙයි.

මෙහිදි දඹුල්ල සහල්මෝල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති, කේ.ටි.සි. ආයතනයේ සභාපති එම්.ෂනීර් මහතා පැවසුවේ රජයේ පාලන මිලට සහල් ලබාදීමට තමන් කටයුතු කරන බවය.

මේ අවස්ථාවට තවත් සහල් මෝල් හිමියක් කිහිප දෙනකුම එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments