27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsඇතුන් මරමින් රක්ෂිතයන් තුල ඇත්දළ, ගජමුතු ජාවාරම් කරන පිරිසක් එස්.ටී.එෆ්.දැලේ

ඇතුන් මරමින් රක්ෂිතයන් තුල ඇත්දළ, ගජමුතු ජාවාරම් කරන පිරිසක් එස්.ටී.එෆ්.දැලේ

ඇත්ඳළ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරී අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත දෙවන කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) මඩකලපුව පොලිස් වසමේ අංක 05, බ්‍රවුන්රි පාර, මඩකලපුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ශ්‍රී ලංකාවේ ලෝක උරුම රක්ෂිතයන් තුල සහ රජයේ රක්ෂිතයන් ආශ්‍රිතව ඳළ ඇතුන් මරා ඇත්ඳළ සහ ගජමුතු ජාවාරමේ යෙදෙන ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිරන්තරයෙන් සිදු කරමින් සිටී. ඒ අනුව (23) අනවසරෙන් රක්ෂිත තුලට ඇතුල් වී ඇතුන් මරා ඇත්ඳළ සන්තකයේ තබාගෙන සිටි කල්අඩි, වේලූර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

එහිදි වට ප්‍රමාණය අගල් 4 ½ කින් යුත් දිග අඩි 01 අගල් 04 කින් සමන්විත ඇත් දළ 01ක්, වට ප්‍රමාණය අගල් 05 කින් යුත් දිග අඩි 01 අගල් 04 කින් සමන්විත ඇත් දළ 01ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව කැලණි ගඟේ වැලිගොඩදැමු පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කදවුරු අණදෙන නිලධාරී  පොලිස් පරික්ෂක එච්.ඩි. සංජිව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල, ගඟබොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කැළණි ගංඉවුර ඛාදනය වනඅයුරින් බලපත්‍ර නොමැතිව නිතී විරෝධීව වැලි ගොඩ දැමීමි සිදුකල පුගොඩ , පැපිලියවල , ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27,36,54 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි  ෆයිබර් බෝට්ටුවක්,යකඩ බාල්දී 03ක්, වැලි කියුබි 02ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය, ඉදිගහදෙනිය පාර, පළමු පටුමගට හැරෙන ස්ථානයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
 
එහිදි  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 යි,මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා බවට සැකකෙරෙන මුදලින් රු. 30,000.00 යි අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments