21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ලෙස ඉන්ධන රැස් කරමින් ජාවාරම් සිදුකළ පුද්ගලයින් පොලිස් දැලේ.

නීති විරෝධි ලෙස ඉන්ධන රැස් කරමින් ජාවාරම් සිදුකළ පුද්ගලයින් පොලිස් දැලේ.

බලපත්‍රයක් නැතිව නීති විරෝධි ලෙස ඉන්ධන ගබඩාකර තබා ගන්නා බවට නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත (23) උදෑසන කාලයේ කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ වැටලිමක් සිදුකර ඩිසල් ලිටර් 1350ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

අත්අඩංගුවට සැකකරු වයස අවුරුදු 37ක්වන මාකුඹුර, කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහුව (24) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ . කොට්ටාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මාතර පොලිස් වසමෙ වල්ගම දකුණ ප්‍රදේශයේදී වැටලිමක් සිදුකර ඩිසල් ලිටර් 800ක් ළඟතබාගෙන සිටි සැකකරුවකු මාතර කෝට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයසඅවුරුදු 39ක්වු වල්ගම දකුණ , මාතර ප්‍රදේශයේ පදිංදිකරුවෙකි . සැකකරු (24) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර මාතර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නීති විරෝධීව ඉන්ධන ගබඩාකල පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක  යූ.ඒ.ඩී.එස්. පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) පුගොඩ පොලිස් වසමේ අංක 25/L/5, කෙලින් වීදිය, පූගොඩ යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර පුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පමණ පුද්ගලයකු නීති විරෝධී ලෙස පෙට්‍රල් ගබඩා කිරිම හා තහනම් පිහියක් සන්තයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි ඔහු ගබඩාකර තිබු පෙට්‍රල් ලීටර් 32.25 ක් හා තහනම් පිහියක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments