ඉන්ධන රැස්කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ මානිප්පායි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් (21) මානිප්පායි පොලිස් වසමේ සොදිලිම්බු පටුමග ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 630 ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි මානිප්පායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු ලද තොරතුරට අනුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මානිප්පායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
