Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා...

ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබේ.

හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසුව ඒ මහතා විසින් මෙම පත්වීම අදදින (08) සිදු කරනු ලැබීය.
1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට බැඳුනු පුංචිහේවා මහතා දැනට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරනු ලබයි.
පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments