Homeදේශීය පුවත්මෙරට දිනෙන්දින බෝනොවන රෝගීන්ගේ ප්‍රමාණ වැඩිවන බැවින් අවුරුදු...

මෙරට දිනෙන්දින බෝනොවන රෝගීන්ගේ ප්‍රමාණ වැඩිවන බැවින් අවුරුදු සමයේ තෙල්,ලුණු හා සීනි භාවිතය දැඩි වශයෙන් අඩුකරන ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති…

අනුර ප්‍රේමලාල්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා….සොඛ්‍යමත් ජීවිතයක් සඳහා මෙම අවුරුදු සමයේදී විශේෂයෙන් බෝනොවන රෝග තිබෙන අයද තමන්ට ප්‍රිය ආහාර යම් කළමනාකරණයකින් යුතුය භාවිතා කරමින් සිය රෝගී තත්ත්වය මත කටයුතු කිරීම වැදගත්. එමෙන් මෙම රෝගී තත්ත්වයන්ගේ ව්‍යාප්තවීම නිසා රටක් ජාතියක් වශයෙන් සියලුම සුපවේදීයන්ට අපි ආරාධනා කරනවා සීනි,තෙල් හා දියලුණු අඩුවෙන් ආහාර සඳහා භාවිතා කරන ලෙස.

බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සෙනවිරත්න මහත්මිය…..අපි සියලු දෙනාට මේ අවුරුදු සමයේ සිහිපත් වන්නේ රසවත් කැවිලි වර්ගයි. මේ අපේ සම්ප්‍රදාය අනුව,සංකෘතිය හා සම්බන්ධවු ආහාරපාන වර්ග එබැවින් අපේ රටේ බහුතරයක් බෝනොවන රෝග සමග ජීවිත්වන අය සිටිනවා. ඒ නිසා අධික ලෙස තෙල්,ලුණු හා සීනි භාවිතා වන මෙම සමයේ ඒවා ඉතාම අඩුවෙන් භාවිතා කිරීමට අපි දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි.
ඒ නිසා අපි ගන්නා මේ ආහාරවල ප්‍රමාණ අඩුකිරීම සිදුකරනවානම් යහපත්. මෙම රෝගි තත්ත්වයන් නිසා අතුරු ආබාධයන් ඇතිවෙනවා එහිදි හෘදආබාධයන් භායානක රෝගි තත්ත්වයන්ට පත්විය හැකියි.
මේවා වෙනත් ස්ථානවලින් මිලදි ගන්නා නිසා ඇතැම්විට මේවාට දමන අමුද්‍රව්‍ය හා ප්‍රමාණ පාලනය කළ නොහැකියි. එදා අපි මේවා අනුභව කොට ක්‍රීඩාවන්වල යෙදුණු අතර අද සිදුවන්නේ මෙම ආහාරපාන ලබාගෙන ශාලයටවී රූපවාහිනි නැරඹීම සිදුකරන අතර සමාජ මාධ්‍ය ඔස්සේ තමයි අවුරුදු ක්‍රීඩා නරඹන්නේ අපි කය වෙහෙසා කටයුතු සිදුකරන්නේ නෑ.ඒ නිසා අපේ ආදරණීයන්ට හිතවතුන්ට බල කර සිටින්න ඕනේ මේ ආකාරයට ප්‍රවේශමෙන් ආහාර ගැනීමට එමෙන්ම මත්පැන් හා දුම්පානය මුළුමනින්ම නවතා දැමීමට හැකිනම් වඩා හොඳයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා…. මෙම අවුරුදු සමයේ කලින් වෛද්‍යවරු ලබාදුන් උපදෙස් වගේම පොලිතින් හි ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කළ යුතුයි. අපේ ගෘහණියන් තමයි මුළුතැන්ගෙවල්වල කටයුතු කරන්නේ ඒ නිසා එම පිරිස මේ ගැන දැනුවත්වීම වැදගත් මෙම පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නිසා ඇතිවන රෝගි තත්ත්වයන් ගැන අවධානය යොමු කළ යුතුයි.

විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය… අපේ ප්‍රධාන චාරිත්‍රයක්වන ලිපිගිනි මෙලවීම ගැන සළකා බලද්දි පොලිතින් හා යෝගට් කෝප්ප වැනිදේ යොදාගෙන ලිපි ගිනි මෙලවීම නවතැ දැමිය යුතුයි.

මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවත්තුඩාවේ මහතා හා නියෝජ්‍ය පොලිස් පති (රථවාහාන පාලන හා මහාමාර්ග ආරක්ෂාව) ඩබ්ලිව්.පි.ජේ.සේනාධීර මහතාද එක්වෙමින් අදහස් දැක්වූහ.

මෙම මාධ්‍ය හමුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කර තිබුණු අතර එය එම කාර්යාංශ ශ්‍රවණාගාරයේදී (08) පැවැත්විණි.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments