Homeදේශීය පුවත්සියලු දෙනාම සම්බන්ධවන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කොමිසම ඉටුකර තිබෙන අතර පාර්ලිමේන්තුවේදී...

සියලු දෙනාම සම්බන්ධවන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කොමිසම ඉටුකර තිබෙන අතර පාර්ලිමේන්තුවේදී එය සම්මත කර දෙන ලෙස අපිව විවේචනය කරන අයට කියා සිටිනවා- මැතිවරණ කොමිසමේ සභාපති

අනුර ප්‍රේමලාල්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්තානයක මහතා…..මේ වාර්තාවෙන් සිදුකර තිබෙන්නේ මෙරට ඡන්ද මධ්‍යස්ථානවල තත්ත්වය පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීමයි. අන්තර්ජාතික සංකල්ප ප්‍රයෝජනයට ගෙන මෙම පරීක්ෂණය කර තිබෙනවා. එය මැතිවරණ කොමිෂන් සභාවටත් දේශපාලන පක්ෂවලටත් වැදගත් වෙනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ පෑෆරල් සංවිධානය මෙහෙයවීමෙන් පැවැති ඡන්දපොළ පිළිබඳ පරික්ෂා කිරීමේ වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්ය. මෙය පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මෙහයවීමෙන් සිදුකර තිබිණි.

ඉදිරියේදී ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට මින් විශාල දායකත්වයක් ලැබෙන බව කිව යුතුයි. සෑම මැතිවරණයකදීම ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ අපි විශේෂ විමර්ශනයක් සිදුකරනවා. මෙහිදි ඉදිරිපත් කළ ගැටලු ඡන්ද මධ්‍යස්ථානවල තිබෙනවා. ඒවා නිරාකරණය කිරීමට මැතිවරණ කොමිසම උත්සහ කරනවා. ආගමික ස්ථානව ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම ගැන මෙහිදි සාකච්ඡා කෙරුණා ආගමික ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන දෙසීයක් පමණ පැවැත්වෙනවා. සමහර ඡන්ද කොට්ඨාස තිබෙනවා කිසිම ස්ථානයක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස පිහිටුවීමට.සමහර ස්ථානවල දළු කඩන ස්ථානව එම මඩු ඡන්ද මධ්‍යස්ථානවලට ගත් අවස්ථා තිබෙනවා. තාවකාලික ටෙන්ට් ගහපු ඡන්ද මධ්‍යස්ථාන තිබෙනවා. එබැවින් අවම අපහසුතා මැද ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම උත්සහ කරනවා. එමනිසා මේ කාර්ය භාර්ය ඉටුකළ පැෆරල් සංවිධානයටත්,එය සිදුකළ මහචාර්යතුමියටත් ප්‍රණාමය පුද කර සිටිනවා.

මෙහිදි මතුවු තව කරුණක් තමයි මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔබ දන්වා මීට වසර ගණනාවක සිට මේ පිළිබඳ සාකච්ඡා කෙරෙනවා. ඒ සම්බන්ධව කොමිසම විශාල කාර්ය භාර්යක් ඉටුකර තිබෙනවා. ඉන් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා තවත් කොටසක් අතරමග නැවතිලා තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ නීතිපතිවරයා සමග නීති කෙටුම්පත් සම්පාදකයා සමග සාකච්ඡා කර තිබෙනවා.
වත්මන් ජනාධිපතිවරයාටත් මෙය ගැන සිහිපත් කළා එහිදි කිව්වා පැවැති මහා මැතිවරණයට පෙරනම් එය ඉටුකළ නොහැකියි ඊටපසු බලමු කියලා නමුත් වසර දෙකක් පමණ කල්ගතවුණා කිසිදු දෙයක් සිදුවුණේ නෑ. ඊටපසුත් ජනාධිපතිව දැනුවත් අවස්ථාවේදී මේ ගැන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හමුවන්න කියලා පැවසුවා.එතුමා සමගත් අපි සාකච්ඡා කරමින් සිටින අතර පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට පෙරවත් මෙය සිදුකර ගැනීමට අපි උත්සහ කරනවා. ඔබ ඉදිරිපත් කළ ගැටලු සියල්ලටම එම ප්‍රතිසංස්කරණවල පිළිතුරු තිබෙනවා. ඡන්දය දිනයේ ඡන්දය භාවිතා කළ නොහැකි අයට විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ක්‍රමය හඳුන්වාදි තිබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් ජාතික රෝහලේ විශාල පිරිසකට ඡන්දය භාවිතා කරන්න බෑ. ඒ නිසා එම ස්ථානය විශේෂ ඡන්දපොළක් පැවැත්වීමට හැකියි. නිදහස් වෙළෙඳ කාලාපවල ඒ අය සඳහා ඡන්ද දිනයට පෙර ඡන්ද පැවැත්වීමේ මධ්‍යස්ථාන ක්‍රමයක් ගැන කතා කර තිබෙනවා. තැපැල් ඡන්දපොළ වගේ. ආබාධිත අය වෙනුවෙන් නිවෙස්වලට ගොස් හරි ඡන්දය ලබාගැනීමේ ක්‍රමවේද යක් කතා කර තිබෙනවා. මේ සියල්ල ගැන කතා කර තිබෙන අවශ්‍ය වන්නේ මේ සියල්ල අනුමත කරගැනීමයි.

මෙතැන ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඒ අය සහයෝගය ලබාදුන්නොත් මේ කාර්ය භාර්ය කඩිනමින් ඉටුකරගන්න හැකිවෙනවා.තවත් පිරිසක් මැතිවරණ කොමිසම විවේචනය කර තිබෙනවා මැතිවරණ කොමිසම මෙය බන්දේසීයේ තබා දෙනකල් සිටිනවා කියා. ඒ අය දන්නේ නැතිව ඇති අපි කරන්න තිබෙන සියල්ල කරලායි තිබෙන්නේ ඒ අයට පුළුවන් කොමිසමට ඇවිත් බලන්න අපි මොනවාද කර තිබෙන්නේ. කියලා.
අපි මේ දිනවලදි තවත් වැඩක් කරගෙන යනවා මේ මැතිවරණ පවත්වන පනත් තිබෙන ජනාධිපතිවරණ පනත, මහමැතිවරණ පනත,පළාත් සභා පනත හා පළාත් පාලන පනත ඒවාවල විශාල අඩුපාඩු තිබෙනවා ඒවා මතුවන්නේ ඡන්දය පවත්වන අවස්ථාවලදීයි. ඒ සියලු කරුණු මේදිනවල අපි විමර්ශනය කරමින් සිටිනවා. මෙය පිළිබඳ සියලු දේශපාලන පක්ෂ දැනුවත් කරලා, මැතිවරණ නිරික්ෂණ හා සිවිල් සංවිධාන වැනි අයත් සමගත් සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කලින්. මේ සියල්ල අපි සිදුකරනවා නමුත් අපිට පාර්ලිමේන්තුවේ සම්මත කරන කාර්ය අපිට ඉටුකරන්න බෑ. ඒ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණයට කලින් ඉටුකර ගන්න අවශ්‍යයි. විදෙස්වල සිටින අයගේ ඡන්දය ලබාගැනීමටත් අපි කමිටුවක් දමා කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ නිසා සියලු දෙනාටම මැතිවරණයකදී සම්බන්ධ කරගන්න අපි කටයුතු කර තිබෙන අතර එය පාර්ලිමේන්තුවේ අනුමත කර ගන්න අපිට උදව් කරන්න. මේ කාර්ය සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පැෆරල් සංවිධානයේ කාර්ය මණ්ඬලය ඇතුළු දායකත්වය ලබාදුන් සියලු දෙනාට අපගේ ස්තූතිය පළ කර සිටිනවා.

මෙරට ඡන්දපොළ පිළිබඳ විමර්ශනය කිරීමේ වාර්තාවක් සකස් කිරීම සඳහා අහඹු ලෙස තෝරාගත් ඡන්දපොළ එක්දහස් පන්සීයක් තෝරාගෙන කටයුතු කර එය සිදුකළ බව මහචාර්ය මනෝරි වීරතුංග මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙරට ඡන්දපොළ යම් ගැටලු තිබුණත් හොඳ තත්ත්වයක තිබෙන බවය.

මේ අවස්ථාවට දේශපාලන නියෝජිතයින්, සිවිල් ක්‍රියාකරකයින් පිරිසක් එක්ව සිටියහ

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments