HomeUncategorizedමොංගෝලියාවට ඉතිහාසයේ ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරති....

මොංගෝලියාවට ඉතිහාසයේ ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරති….

ක්‍රිස්තු වර්ෂ පලමුවෙනි සියවසේ සිට ටිබෙට් වජ්‍රයාන බුදු දහම පවතින මොංගෝලියාවේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා එරටට වැඩම කිරීම පසුගියදා (30) සිදු විය.

අශෝක රජු දවස ඉදිකරන ලද සාංචි චෛත්‍ය සංකීර්ණයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ කරන ලද කැණීම්වලදී හමු වූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වර්තමානයේ
සාංචියේ චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇත.
එම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති සාංචි චේතියගිරි විහාරයේ හා එම ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය දරන ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්සස්ස නා හිමියන්ගේ සහ ඉන්දියාවේ ඇසෑම් ආණ්ඩුකාර ලක්ෂ්මන් ප්‍රසාද් අකහර්යාර් (Lakshman Prasad Achsrya) මහතාගේ නායකත්වයෙන් බානගල විමල තිස්ස හිමි ධාතුන් වහන්සේලාගේ තේවාව භාර උඩුගම තපස්සී හිමි ඇතුළු සම්භාවනීය නියෝජිත පිරිසක් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමගින් ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගියදා (30) මොංගෝලියාවට වැඩම කරවනු ලැබීය.
මොංගෝලියාවේ දී මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පිළිගනු ලැබූයේ මොංගෝලියාවේ හිටපු ජනාධිපති Nambaryn Enkhbayar මහතා සහ
මොංගෝලියාවේ අධ්‍යාපනන අමාත්‍ය නරායන්බායර් (Narayan bayar) විසිනි.

එම ධාතූන් වහන්සේලා ජූනි 01දා සිට මොංගෝලියාවේ අගනුවර වන උල්ආබාටාර් (Ulaabaatar) හි ගන්ඩන් මහා බෞද්ධ ආශ්‍රමයේ (Gandan Monastery ) ජුනි මස දහවෙනි දින දක්වා දින දහයක් මහජන බැති පුදට තැන්පත් කර තබන බව එම ධාතූන් වහන්සේලා සමඟ මොංගොලියාවට වැඩම කළ බානගල විමලතිස්ස හිමියෝ පවසති.
පසුගිය වර්ෂයේ ඉන්දියාවට පැමිණි මොංගෝලියානු ජනාධිපති උක්හානාගින් කුහුරේල්සුකාහ් (Ukhanaagiin Kharelsukh)මැතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍රී මෝදි මැතිතුමා ගෙන් හා කළ ඉල්ලීම් එකට අනුව මෙම ධාතූන් වහන්සේලා මොංගෝලියාවට වැඩම කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments