
මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි කිරිම් අතරතුර සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරිමේදී ඔහුගේ ගමන් බෑගයේ තිබි අයිස් ග්‍රෑම් 1040ක්, හෙරොයින් ග්‍රෑම් 351ක්, ඩිජිටල් තරාදියක්, කළවම් කිරීමට යොදාගත් හැඳි දෙකක්, දුරකථනයක් සමග පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා . එමෙන්ම මෙම පුද්ගලයා පිටුපස තිබෙන මත්ද්‍රව්‍ය ජාලයක් පිළිබඳව මට්ටක්කුලිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා . සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ නියෝග සහ සහකාර පොලිස් අධිකාරි ඩැනියෙල් මහතාගේ උපදෙස් පරිදි මට්ටක්කුලිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විරක්කොඩි මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක මීගොල්ල, පොලිස් කොස්තාපල් 106643 චන්ද්‍රසේන, 102052 දුලංජය, 107644 ධර්මදාස, 103296 මදුශාන්, 93635 නාමල්, 102178 රත්නායක යන නිලධාරින් මෙම මෙහෙයුම සිදුකරන ලැබිය.



