





ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලය (University of West London – UWL) විසින් මෙරට ප්‍රථම පූර්ණ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ශාඛා පරිශ්‍රය වන “University of West London Sri Lanka Branch Campus” අද දින නිල වශයෙන් විවෘත කරනු ලබයි.
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන අත්දැකීම් ශ්‍රී ලාංකීය සිසුන්ට සමීප කරවීම මෙම ශාඛා පරිශ්‍රය සැලසුම් කිරීමේ මූලික අරමුණයි. ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනයක් ලබාදීමේ දශක දෙකකට අධික අත්දැකීම් ඇති, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන ANC කැම්පස් (ANC Campus) ආයතනය මෙම විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ම ලෝක මට්ටමේ බ්‍රිතාන්‍ය උපාධි හැදෑරීමේ කන්යාභව අවස්ථාව මෙරට සිසුන්ට කඩිවම් සෙණෙහින් හිමිවන සිහින අවස්ථාවකි. මෙහි අධ්‍යයන කටයුතු, ඇගයීම් සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රියාවලිය (Quality Assurance) බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කෙරෙන අතර, පාඨමාලා සහ උපාධි පිරිනැමීම් පිළිබඳ පූර්ණ අධ්‍යයන අධීක්ෂණය කටයුතු ද විශ්වවිද්‍යාලය මගින් සෘජුවම සිදුකරනු ලබයි. UWL අනුමත පාඨමාලා, අධ්‍යයන සහායන්, නවීන ඉගෙනුම් සම්පත් ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට, ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට මෙන්ම උසස් රැකියා සඳහා පහසුවෙන් යොමුවීමට හැකිවන විශේෂ විශ්ව විද්‍යාල පරිසරයක් සිසුන්ට හිමි වනු ඇත.
බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ සභාපති, මහාචාර්ය පීටර් ජෝන් CBE මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් “බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයත් (University of West London) ප්‍රථම ප්‍රාදේශීය ශාඛා පරිශ්‍රය විවෘත කරමින්, අද දින අප සමරන්නේ, ANC ආයතනය සමඟ පැවති අපගේ සහයෝගීතාවයේ මීළඟ අදියරේ ඒකාබද්ධ සාර්ථකත්වයයි. මෙය හුදු හවුල්කාරිත්වයකින් ඔබ්බට ගිය සක්‍රීය නියෝජනයක් සේම සහයෝගීතාවයකින් ඔබ්බට ගිය ස්ථාවරත්වයක් කරා අපව රැගෙන යන පරිවර්තනීය මොහොතකි. එමෙන්ම, මෙමඟින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් අප සතු දිගුකාලීන කැපවීමත්, ගුණාත්මක උසස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් අපේක්ෂා කරන සැමටම එය පහසුවෙන් ළඟා කර දීමට ඇති අපේ දැඩි අධිෂ්ඨානයත් මැනවින් පිළිඹිබු වනවා.” යනුවෙන් පැවසිය.
CEG හෝල්ඩින්ග්ස් සහ ANC කැම්පස් ආයතනයේ සභාපති, ආචාර්ය ජගත් අල්විස් මහතා මෙම නව ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් “සිසුන්ට මෙන්ම දෙමාපියන්ට ද මෙයින් ලැබෙන මූල්‍යමය වාසිය කැපී පෙනෙන ප්‍රතිලාභයක් ලෙස සඳහන් කළ හැකියි. ලන්ඩන් නගරයට ගොස් අධ්‍යාපනය ලැබීමේදී හමුවන, ලන්ඩන් නගරයේ සවාහන් වියදම්, ජීවන වියදම්, ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, ආගමන සෞඛ්‍ය අධිභාරය (Immigration Health Surcharge), නවාතැන් තැන්පතු සහ පදිංචිය වෙනස්වීමේ වියදම් සහ වෙනත් වියදම් ඇතුළු සුවිශාල වියදම් රැසක් දැරීමට සිදුවනවා. එබැවින්, විදේශගතව අධ්‍යාපනය ලැබීමේදී සිදුවන ප්‍රධාන වියදම් රැසක් මඟහරවා ගනිමින්, බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීම සඳහා වැය වන සමස්ත පිරිවැය විශාල වශයෙන් මෙයින් අඩු කරගත හැකියි.” සතුටින් පැවසිය.
ආරම්භක අදියරේදී, UWL ශ්‍රී ලංකා ශාඛා පරිශ්‍රය මඟින් ව්‍යාපාර (Business), තොරතුරු තාක්ෂණය (IT), නීතිය (Law), කෘතිම බුද්ධිය (AI), මනෝවිද්‍යාව (Psychology) සහ මුල් ළමාවිය අධ්‍යාපනය (Early Childhood Education) යන ක්ෂේත්රයන් යටතේ පාඨමාලා පිරිනමනු ලබන අතර, ඒ සඳහා අයදුම්කරුවන් UWL ප්‍රවේශ සුදුසුකම් සපුරා තිබිය යුතුයි. අදාළ වන වෘත්තීයමය පිළිගැනීම් හෝ අනුමැතීන් (Professional Accreditations), නිල UWL අනුමත පාඨමාලා තොරතුරු හරහා ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලය ‘The Times and The Sunday Times Good University Guide 2026’ වර්ගීකරණයට අනුව ලන්ඩනයේ හොඳම නවීන විශ්වවිද්‍යාලය (Best Modern University) ලෙස පිළිගෙන ඇති අතර එය 2025 ජාතික ශිෂ්‍ය සමීක්ෂණයේදී (National Student Survey 2025) සමස්ත ශිෂ්‍ය තෘප්තිමත්භාවය අතින් ලන්ඩනයේ අංක 1 විශ්වවිද්‍යාලය ලෙසත්, 2026 ‘Daily Mail University Guide’ වර්ගීකරණයට අනුව ශිෂ්‍ය අත්දැකීම් (Student Experience) අතින් එක්සත් රාජධානියේ (UK) විශිෂ්ටතම විශ්වවිද්‍යාල 5 අතරටත් (Top 5) තේරී පත්ව ඇත.
අනුර ප්‍රේමලාල්
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු



