
පසුගිය ජූලි මස 14 වෙනිදාට යෙදුන සුභ මුර්තියෙන් සමුදානුකූලව චාරිත්‍ර අනුව කප් සිටුවීමෙන් ඇරඹී 769 වන දකුණේ පින්සාර මංගල්‍යය දෙවුන්දර නගරයට වඩනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මංගල්‍යයක් වේ. දෙවියන් උදෙසා පහන් පැල බැඳ, නිවෙස් පරිසිද්ධ කර, වර්ණ ගන්වා මේ දින 14 ගෙවී යන්නේ දෙවුන්දර නොනිදන නගරයක් සේ උත්සවශ්‍රීයෙන් බබලවමිනි. පසුගිය ජූලි 23 වන දින ඇරඹි මුල්ම පෙළි පෙරහැරෙන් පසුව අද එනම් ජූලි 28 වන දා සයවන පෙළි පෙරහැරෙන් පසුව ජූලි 29 වන ඇසළ පොහෝ දින පස්වරුවේ පහතරට නැටුම් සම්ප්රදායේ විශාල නැටුම් කණ්ඩායම් රාශියකින් සමන්විතව අලි ඇතුන් විශාල ප්‍රමාණයකින් සමන්විතව විචිත්‍රවත් ලෙස අවසන් රන්පෝලි පෙරහැර දෙවුන්දර වටා ගමන් කිරීමට නියමිතයි.
මෙවර පෙරහැරේ විශේෂත්වය වූයේ දෙවුන්දර දේවාලයේ මෙන්ම කතරගම දේවාලයේ භාරකාරුව වූ බස්නායක නිළමේ තැන්පත් ආරච්චිගේ තිලිණ මද්යංච මැතිතුමාගේ පස්වන වසරේ රන්පෝලි පෙරහැර වීමත් එකම දින වකවානුවක එකතුමා භාරකාරත්වය දරන කතරගම හා දෙවුන්දර පෙරහැර මංගල්‍යය පැවැත්වීමත් මත එතුමා දෙවි නුවර පළමු පෙළි පෙරහැරට සම්ප්‍රදානුකූලව සහභාගී වීමෙන් අනතුරුව එතුමාගේ රාජකාරියට අනුපමෙය සහයක් වන එතුමාගේ පරිපාලන ලේකම් රෝෂණ ජයසිංහ මැතිතුමා විසින් පෙළි පෙරහැරවල බස්නායක නිළමේ ලෙස කටයුතු කළ අතර බොහෝ දුරට අවසන් රන්පෝලි පෙරහැර හා කතරගම අවසන් පෙරහැර එකම දිනයේ යෙදී ඇති බැවින් තාවකාලික නව බස්නායක නිළමෙවරයෙකු ගමන් කරනු ඇති.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ආරච්චිගේ තිලිණ මද්යංච මැතිතුමාගේ පරිපාලන ලේකම් රෝෂණ ජයසිංහ මහතා මෙන්ම ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපුමුදුන්දර තිස්ස මහානාම මහතාගෙන් ලැබෙන සහයෝගය මෙන්ම රුහුණේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යයට කවදත් අවවාද අනුශාසනා ලබා දෙමින් ශ්‍රී විෂ්ණු දේවාලය හා බැඳුණු දෙවුන්දර ಪರම විචිත්‍රාරාම රාජ මහා විහාරಾධිපති ශ්‍රී කල්‍යාණ වංශ මහා නිකායේ මහා නායක ස්වාමීන්දුන්ගෙන් ලැබෙනුයේ අමිල සේවාවකි. ප්‍රදේශවාසි ජනතාව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමා, ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාවෙන් ලැබෙන සහයෝගය ද සුළු පටු නොවේ. මෙවර පවතින ආරක්ෂාවට අමතරව 500ක පමණ පොලිස් බල ඇණියක්ද සේවයේ යොදවා තිබේ. මේ අසිරිමත් මංගල්‍යය එළඹෙන ජූලි 30 සිට අගෝස්තු 05 දක්වා ඇසළ සල්පිලකින් ද අගෝස්තු 04 වන දා රාත්‍රී මුළු රට්ටු, ජනතා ලෝකවාසීන්ට දේව ආරක්ෂාව පතා පැවැත්වෙන දේව තොවිලයද අගෝස්තු 05 වන දින අලුයම දේව දානයෙන්ද අනතුරුව නිමාවට පත් වේ.



