29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉන්ධන,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා පතල් ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට

ඉන්ධන,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා පතල් ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට

නිවසක් තුල නීති විරෝධී අයුරින් ඉන්ධන (ඩීසල්)ගබඩා කරගෙන තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.ආර්. රාජපක්‍ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) පූගොඩ පොලිස් වසමේ අමුහේන, පැපිලියවල යන ලිපිනයේ දී වැටලීමක් සිදු කර එක් ලක්ෂ විසි දහසකට ආසන්න වටිනාකමකින් යුතු ඩීසල් ලීටර් 268 ක් නිවසක් තුල නීති විරෝධී අයුරින් අනාරක්ෂිත ලෙස ගබඩා කරගෙන සිටි අමුහේන, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම්වලදි (26) වව්නියාව කඳවුරේ නිලධාරි පිරිසක් ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමේ ඉරට්ටපෙරියකුලම් වැව් බැම්මේදි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ සිලාවත්ත, සිනකරේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබු බුරුත දැව තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ මෙහෙයුම් ඒ්කකය 111හි නිලධාරි පිරිසක් කහතුඩුව පොලිස් වසමේ අංක 377/15 යාල්වින් රේන්ජ්, කිරිවත්තුඩුව ප්‍රදේශයේ හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ ෆාතිමා මල්ශාලාව, කුරුණෑගල පාර,පුත්තලම 02 ස්ථානයේදි අයිස් මත්ද්‍රව්‍ය හා යකඩ කඩුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි පීරිසක් එම පොලිස් වසමේ කරුණැගල වැහැර පාර, ඩයස් හන්දියේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩු කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මි ඇල් ඔය . 03 ඇල යන ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් පෙරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පාළාත් විශේෂ මෙහෙයුම් ඒ්කකය නිලධාරි පිරිසක් ජයසිරි මල්ශාලාව මුරුංගස්යාය මිද්දෙණිය යන ස්ථානයේ දිඅන්දර බදු කුරුඳු පටබැඳිගේ මංජුල සිසිර යන අයට වෙඩි තබා ඝාතනය කිරිමට සම්බන්ධ සැකපිටි අයකු අත්අඩංගුවට ඇත. අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩල පරික්ෂා කරන ස්ථානයේදි අයිස් සහ කේරළගංජා සමග රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවාකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් පුස්සැල්ලාව පොලිස් වසමේ කළුගලවත්ත ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් රත්නපුර පොලිස් වසමේ හංගමුව ගඟ ආශ්‍රිතව නීති විරෝධි ලෙස පතල් කැණිම් කරමින් සිටි අටදෙනකු සහ රත්නපුර පොලිස් වසමේ කහංගම , කොස්ගලවත්ත, රත්නාලෝක හෝටලය අසලදි බලපත්‍ර නැතිව රජයේ ඉඩමක අනවසරයෙන් පතල් කැණිම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments