නීති විරෝධිව ඔ්ස්ට්‍රේලියාවට ඇතුල්විමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. මෙසේ සංක්‍රමණයවීමට උත්සහ දැරු 399 දෙනකු ශ්‍රි ලංකා නාවික හමුදාවත්, ශ්‍රී ලංකා පොලිසියත් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අයට විරුද්ධව නඩු පැවරිමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ් නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආකාරයට ඔ්ස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න උත්සහ කරන්න එපා කියලා. එහිදි හසුවි මෙරටට එවන අයව බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර එහිදි රුපියල් පනස් දහසකට නොඅඩු රුපියල් ලක්ස දෙකකට නොවැසි දඩයකට යටත් වෙන්නත් සිදුවෙනවා. එමෙන්ම මාස හයකට නොවැඩි වසරපහකට නොවැඩි සිරදඬුවමකට යටත්විමටද සිදුවේ.
ජාවාරම්කරුවන් රුපියන් ලක්ෂ දෙක සිට දහය දක්වා මුදලක් අය කරමින් අබලන්වු යාත්‍රා කුලියට ගෙන ඒ්වයේ පටවන්න නොහැකි තරමට පුද්ගලයින් පටවාගෙන මෙම ජාවාරම සිදුකරන බැවින් ඊට හසු නොවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදි කාන්තාවන් හා ළමුන් අපයෝජනයට ලක්වීමේ අවධානමකුත් තිබෙන අතර ඒ් ගැනව වාර්තා වීම්ද තිබෙනවා.
1998 අංක 42 දරණ ආගමන විගමන සංශෝධන පනත, එමෙන්ම 2006 අංක 31 දරන ආගමන විගමන පනත මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ යාත්‍රා සඳහා පුද්ගලයින් මුලා කර සේවයට බඳවා ගන්නා බවත් වාර්තාවි තිබෙනවා.
