ශ‍්‍රි ලාංකිය ලකඹර සුරකිමින් දේශයේ ස්වෛරිත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන මෙවරද ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදි පසුගියදා සිදුකළේය.
මෙම අභිමානවත් රණවිරු සැමරුමට සමගාමිව සංවිධානය කරනු ලැබු සර්වරාත්‍රික පරිත‍්‍රාන ධර්මදේශනය හා සපිරිකර සංඝගත දක්ෂිණාව රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත‍්‍රි ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවිමෙන් සිදුකරනු ලැබූහ.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මෙන්ම ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඬලයේ නිලධාරින් ඇතුළු නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.


