24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsජනපති මැදුරේ දී ගංජා පානය කළ අයෙක් හා අවසරයකින් තොරව වේදනා නාශක...

ජනපති මැදුරේ දී ගංජා පානය කළ අයෙක් හා අවසරයකින් තොරව වේදනා නාශක පෙති ළඟතබාගත් ‌අයෙක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ජනපති මැදුරේ දී ගංජා පානය කළ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය කොටුව ජනාධිපති මන්දිරය කඳවුරේ රාජකාරී යෙදී සිටින පොලිස් පරීක්ෂක ඩබ්.එස්.එල්.ආර්. කරුණාතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) කොටුව පොලිස් වසමේ ජනාධිපති මන්දිරය තුල උදෑසන වට සංචාරය සිදු කිරීමේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ගංජා සුරුට්ටුවක්, ජංගම දුරකථන 02 ක් හා මුදලින් රුපියල් 3,200 ක් සන්තකයේ තබාගෙන සිටි විරෝධතාකරුවන්ගේ අරගලයට පැමිණි මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

වෛද්‍ය නිර්දේශයන් මත පමණක් නිකුත් කරනු ලබන වෙිදනා නාශක ඹෟෂධ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එස්.ආර්.වයි.ජේ. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) අම්බලන්තොට පොලිස් වසමේ නෝනගම හංදියේ දී වැටලීමක් සිදුකර Pregablin Capsules 75mg මත් කරල් 50, Pregablin Capsules 150 mg මත් කරල් 15 ක් හා‍ Fatfulet Capsules 20 mg වෙිදනා නාශක ඹෟෂධ කරල් 35 ක් වෛද්‍ය නිර්දේශයන් නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.මොහුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිමෙිදී මෙම ඹෟෂධ කරලක් රුපියල් 500යකට වැඩි මුදලකට හෙරොයින් පානයට ඇබිබැහිවුවන් සදහ හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ආදේශකයක් ලෙස මෙම ඹෟෂධ අලවිකරන බවට ආනාවරණය කරගෙන ඇත.

බලපත්‍ර නොමැතිව නීති විරෝධීව වෙිදනා නාශක ඹෟෂධ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු චුන්නාගම් වල දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉකුත් (13) අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක එච්.ඩි.කේ. විතාරණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) රුපියල් විසි දහසකට ආසන්න වටිනාකමකින් යුත් බලපත්‍ර නොමැතිව වෙිදනා නාශක ඹෟෂධ ⁣කරල් 140 ක් සන්කතයේ තබාගෙන සිටි වයස අවුරුදු 56 ක චුන්නාගම් ප්‍රදේශයේ පදිංච් පුද්ගලයකු පුන්නාලේකට්ටුව උතුර, චුන්නාගම් වල දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම ඹෟෂධ හෙරොයින් භාවිතා කරන පුද්ගලයන් සදහ ආදේශකයක් ලෙසට අලවිකිරිමට සුදානමි කර තිබු බවට වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමේදී අනාවරණයවී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments