මේවනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරයට සුදුසු අයකු තෝරා පත්කර ගැනීමට නම් කිහිපයක් ඉදිරිපත්වි තිබෙන බව දේශපාලඥයින් පවසති.
මේ පුරප්පාඩුව දැනුම් දීමට අද (16) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ් අනුව (19) නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා කැඳවීමට නියමිතයි. විපක්ෂයේ පක්ෂ රැසක සහාය මේවනවිට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට හිමිව ඇතිබවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන බව වාර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබුණි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද ජනාධිති ධූරයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. පොදුජන පෙරමුණ වැබ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන පසුබිමක එම පක්ෂයේ පා.ම. මධුර විතානගේ මහතා කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරු එවැනි තීරණයක් ගෙන නොමැතිව බවය.