නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත්පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැක.
2022අගෝස්තු මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.