20 වන ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කර සංශෝධන කර සම්මත කර ගත යුතු බවත් එය හදිසියේ සම්මත කර ගැණීමට ආණ්ඩුවට කිසිදු හදිසියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(28) කොළඹ 07, මහජන පුස්තාකාලයේ පැවැති ලංකා ජනතා පක්ෂය සංවිධානය කර තිබු ආණ්ඩුවේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාවාදීද? මැයෙන් පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ දොලවත්ත මහතා
ඇතැමුන් දේශපාලන පක්ෂ වැඩියි කියලා චෝදනා නගන එක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. දේශපාලන පක්ෂ බිහිවිය යුතුයි. එහෙම හිතුවා නම් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නෙත් නැහැ. ජනතාව ලබාදෙන මෙම බලය සදාකාලික නැති බව සෑම දේශපාලඥයෙකුම දැනගත යුතුයි.
විස්ස ගැන දැන් නොයෙකුත් කතා අපිට ඇසෙනවා. සෑම දෙයක්ම සීයට සීයක් හොඳත් නැහැ. සීයට සීයක් නරකත් නැහැ. මාධ්‍ය ගත්තත් සීයට සීයක් ස්වාධීනද නැහැ. ඒ නිසා සාපේක්ෂව වඩා හොඳ දේ ගැන බලන්න ඕනේ. පැවැති මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක බලයක් ලැබුවා. ඉදිරියටත් ජනතවාදිව කටයුතු කළොත් මෙම බලය පවත්වාගෙන යා හැකියි. අද සමගි ජනබලවේගය විසිවෙනි සංශෝධන වැරැද්දක් ලෙසමයි දකින්නේ. එහි කියන තරම් වැරැද්දක් නැහැ. මේ ගැන සාකච්ඡා කරලා සංශෝධන කරලා තමයි අවසානයේ සම්මත වෙන්නේ අපිට හදිසියක් නැහැ. විස්ස ගෙන ඒමේ මුලික අරමුණ තමයි දහනවයේ දෝෂ හා ප්‍රායෝගික නොවන කරුණු. එ.ජා.ප.යට මේ තරම් අන්ත පරාජයක් හිමිවෙයි කියලා කව්රුත් හිතුවද. 19 ප්‍රතික්ෂේප කරන කොට ජනතාවගේ අවශ්‍යතාවය කුමක්ද කියලා බලන්න ඕනේ. අපි විශ්වාස කරන්නේ ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. තිබෙන ව්‍යවස්ථාවට දැන් පැලැස්තර දහනවයක් දමා තියෙනවා. ඒ නිසා පුළුල් සන්දර්භයක් , සාකච්ඡාවක් තුල තමයි මේක සිදුවන්නේ ඒක ඉතා ඉක්මනට වෙන්නේ නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිද්දි සකස් කරන ව්‍යවස්ථාවකට අපි කැමැති වෙනවා. විපක්ෂය කිව්වට විස්ස ඕපපාතික නැහැ. ඡන්ද බලය උතුම් වුවත් 19 තුල ජනාධිතිට වසර හතරහාමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බැහැ.
මේ අවස්ථාවේදි ප්‍රගතිශීලි ජනතා සේවක පක්ෂයේ නායක ඉන්දික සුරියආරච්චි මහතාද අදහස් දැක්වුයේය.
මෙහිදි ලංකා ජනතා පක්ෂයේ සභාපතිනි නීතිඥ සුමනා ආරියදාස මහත්මිය, ප්‍රධානේ ලේකම් අජිත් ජයසුන්දර ඇතුළු එම පක්ෂයේ නිලධාරින් එක්ව සිටියහ.