හෙරොයින් හා කේරළ ගංජා සමග පුද්ගලයකු මන්නාරම දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම හා වැටලීම් සිදුකර තිබේ.විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, මන්නාරම කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.සී.කේ. මාරපන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.03 වන දින මන්නාරම පොලිස් වසමේ මූර්වීදිය ප්‍රදේශයේ දී වැටලීමි හතරක් සිදු කර ඇත.
එහි දී පැය 1530 ට හෙරොයින් ග්‍රෑමි 04 යි, කේරළ ගංජා ග්‍රෑමි 222, මිලි ග්‍රෑමි 100 ක් හා ඩිජිටල් තරාදියක්, මුදලින් රුපියල් 252,900.00 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 36 පසුවන මන්නාරම පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයා යුධ සමයේ ඉන්දියාවේ ජීවත්ව ඇති බවටත්, 2010 වසරේ දී පමණ නැවත ලංකාවට පැමිණ ඇති බවටත්, මේ වන විටත් ඉන්දියාව සමග සබඳතා පවත්වන බවට තොරතුරු වාර්ථා වී ඇත.
බලපත්‍ර නොමැතිව ඩීසල් හා පෙට්ට්‍රල් මුදලට අලෙවි කළ පුද්ගලයකු මුතූර් හීදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, වව්නියාව කඳවුර දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (03) අසරැස් වීදිය, ආනොච්චලි, මුතූර් ප්‍රදේශයේ දී වැටලීමි හතරක් සිදු කර බලපත්‍ර නොමැතිව ඩීසල් හා පෙට්ට්‍රල් මුදලට අලෙවි කරමින් සිටි මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු ඩීසල් ලීටර් 50 යි, පෙට්ට්‍රල් ලීටර් 20 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතූර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර තවත් බලපත්‍ර නැතිව ඩීසල් තොග රැස් කර වැඩි මුදලට අලෙවි කල පුද්ගලයකු වව්නියාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, වව්නියාව කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ජී.එන්. කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.03 වන දින මුන්නිමුරුප්පු, සිරි ලැගුම්හලේ දී වැටලීමි හතරක් සිදු කර එහිදීද බලපත්‍ර නොමැතිව ඩීසල් තොග රැස් කිරීම හා වැඩි මුදලට අලෙවි කිරීම යන වරද යටතේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයකු ඩීසල් ලීටර් 71 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.