25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධකරුවෙකුවු ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකුවු ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරි ජානක සේනාධිීර මහතා (ප්‍රධාන කදවුරු භාර නිළධාරි පසු මුලස්තානය )මෙහෙය වීමෙන් (06) ගම්පහ පොලිස් වසමේ අංක 131/ඒ, තම්මිට, මාකේවිට ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර ඇත.

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගනේමුල්ල සංජීව යන අයගේ සමීපතම ගෝලයන් දෙදෙනකු වන වනකරුණානයක පතිරනලාගේ සුමිත් ප්‍රසන්න නැමැති වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑමි 14 යි මිලි ග්‍රෑමි 600 ක්, මුදලින් රුපියල් 120,000.00 (එක්ලක්ෂ විසි දහසක්), කඩුවක්, රත්තරන් පැහැති අත්පලඳනාවක්, ජංගම දුරකථන 02 ක් සමගද අනෙකුත් සැකකරු වන ඒකනායකගේ දොන් ලක්ෂිත චතුරංග යන අය වෙනත් අයෙකු ගේ ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථන පහක් ද හෙරෝයින් ග්‍රෑමි 15.255ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත .මොහු මෙම දුරකථන භාවිතා කරමින් ⁣අපරාධ සිදුකරන වෙඩික්කරැවන් සදහා එම දුරකතන ලබා දී අවශ්‍ය මග පෙන්වීම සිදුකරනු ලබයි.වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments