23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsටි.56 ගිණි අවියක් හා හෙරොයින් සමග පුද්ගලයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ටි.56 ගිණි අවියක් හා හෙරොයින් සමග පුද්ගලයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

විදෙස් රටක නිෂ්පාදිත T 56 ස්වයංක්‍රීය ගිණි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිළධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් කන්ඩායමක් විසින් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හම්බන්තොට එච්.ඒ. විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී (හම්බන්තොට) ගේ මගපෙන්වීම යටතේ උඩවලව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස් නුවන් කුමාර ඇතුළු උඩවලව කදවුර සහ අම්බලත්තොට කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම් ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව (06) ඇඹිලිපිටිය පොලිස් වසමේ පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර යතුරු පැදියකින් පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රාදේශයට ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරික්ෂා සිදුකල කිරීමේ දී T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිණි අවියක්, සහ ජීව උණ්ඩ 08 පුරවන පතුරම් ගැබක් හා හෙරෝයින් ග්‍රෑම් 10 ක් සහ වාහන අංක තහඩු දෙකක් සමග ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 වන පුද්ගලයෙකු හා අටකලම්පන්න, පින්නගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද මෙම අත්අඩංගුවට ගන්නා ලැබු ගිණි අවිය පසුගිය කාලය තුල මිද්දෙනිය ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීම් සදහා කුලී පදනම මත මිනිස් ඝාතනය සදහ යොදා දුන්නේද යන්න පිලිබඳ පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විමර්ශන සිදු කරමින් සිටී.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී(07) පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් දෙහිඔ්විට පොලිස් වසමේ දිගල බේකරිය පාරේ කෝවිල අසල ඇති රබර් වත්තේ දී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් ශ්‍රි ලංකා යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව වාලච්චේන පොලිස් වසමේ වාලච්චේන 04 ප්‍රදේශයේ දී අයිස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් ශ්‍රි ලංකා යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව වාලච්චේන පොලිස් වසමේ වාලච්චේන 05 ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් පදවිය පොලිස් වසමේ බෝගහ වැව ප්‍රදේශයේ දී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල් කඳවුරේ නිලධාරි පිරිසක් ගල්කිරියාගම පොලිස් වසමේ රණව ප්‍රදේශයේදි ගෝඩා සහ නීති විරෝධි මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments