29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6කට අධික මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන්...

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6කට අධික මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට.

රාජ්‍ය බැංකුවකින් රුපියල් හය කෝටි 83 ලක්ෂ 40,000 ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක්, කොටුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

පොලීසිය සඳහන් කළේ, කඩවත රාජ්‍ය බැංකුවක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් වෙනත් අය ලෙස පෙනී සිටිමින් පෞද්ගලික ණය ගොනු 48 කින් එම මුදල වංචා කර ඇති බවය.

අදාළ මූල්‍ය වංචාව සිදුකිරීම සඳහා මූලිකත්වය ගත් අදාළ බැංකුවේ සේවය කළ කාන්තාව මියගොස් ඇත.

ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව, අදාළ බැංකුවේ ණය අංශයේ සේවය කළ විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරීවරියකි.

අත්අඩංගුවට ගත් 62 හැවිරිදි කඩවත පදිංචි සැකකාරිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments