21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITE සිය පාරිභෝගිකයන්ගෙන් නොපමාව eBill සේවාවට ලියාපදිංචි වන මෙන් ඉල්ලයි

SLT-MOBITE සිය පාරිභෝගිකයන්ගෙන් නොපමාව eBill සේවාවට ලියාපදිංචි වන මෙන් ඉල්ලයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, නොපමාව තම eBill සේවාවට ලියාපදිංචි වන ලෙසත්, එමගින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳින ලෙසත් SLT-MOBITEL Home පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. රටේ පවතින කඩදාසි හිඟය හේතුවෙන් තවදුරටත් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම ප්‍රායෝගික නොවන අතර, eBill සේවාවට ලියාපදිංචි වීම පාරිභෝගිකයන්ට පහසුවක් මෙන්ම පරිසර හිතකාමී පියවරක් ද වන බව SLT-MOBITEL පෙන්වා දෙයි.

මෙම සේවාවට ලියාපදිංචි වීම මගින් පාරිභෝගිකයන්ට තම විද්‍යුත් තැපෑලට පිවිසීම ඔස්සේ ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක සිට තම SLT-MOBITEL බිල්පත් පරීක්ෂා කළ හැකි වේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව අනුව පැරණි බිල්පත් පරීක්ෂා කිරීම සහ බාගත කිරීම ද ඕනෑම මොහොතක සිදුකළ හැකි අතර, eBill සේවාව මගින් බිල්පත සෘජුවම පාරිභෝගිකයා වෙත ලැබෙන නිසා ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ද තහවුරු වේ.

මෙය අනිවාර්ය අවශ්‍යතාවක්වන බැවින්, නොපමාව www.slt.lk/ebill වෙත පිවිසීමෙන් හෝ MYSLT app බාගත කරගෙන eBill සේවාවට ලියාපදිංචි වන මෙන් SLT-MOBITEL සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. මීට අමතරව SSS <හිස්තැනක්> REBILL<හිස්තැනක්> දුරකථන අංකය <හිස්තැනක්> ඊමේල් ලිපිනය ටයිප් කර 1212 වෙත SMS මගින් එවීමෙන් හෝ 1212 අංකය ඇමතීමෙන් ද මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැක.

පාරිභෝගිකයන්ට තම බිල්පත් පරීක්ෂා කිරීම මෙන්ම මුදල් ගෙවීම ද ඩිජිටල් ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ඉතාමත් පහසුවෙන් සිදුකළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1212 අංකය ඔස්සේ ලබාගත හැක.

සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන eBill සේවාව මගින්, තැපැල් සේවාව තුළදී සිදුවිය හැකි ප්‍රමාදයන් ද මගහැරී යයි. පාරිභෝගික-කේන්ද්‍රීය දැක්මක් ඔස්සේ සෑම විටම පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීමට SLT-MOBITEL කටයුතු කරන අතර, eBill  සේවාව මගින් කඩදාසි භාවිතය අවම වන නිසා, එය වඩාත් තිරසාර අනාගතයක් උදෙසා දායක වීමක් ද වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments