29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්...

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිසිය සඳහන් කළේ, කොටුව පොලිස් වසමේ බැංකු මාවත ප්‍රදේශයේදී නීති විරෝධි ජනරාශියක සාමාජිකයෙකුව සිටිමින් උද්ඝෝෂණයක් පවත්වා රජයේ දේපොළ හානි කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා පවතින බවයි.

ඔහු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස අවුරුදු 32 ක කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම අරලියගහ මන්දිරයට ඇතුළු වී දේපොළවලට හානි කළ තවත් සැකකරුවෙක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු වයස අවුරුදු 53 ක කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments