29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රාජ්‍යතාන්ත්‍රික නෞකාවක් හරවන එක ගමේ චූන් පාන් වෑන් එකක හරවනවා වාගේ නොවෙයි-...

රාජ්‍යතාන්ත්‍රික නෞකාවක් හරවන එක ගමේ චූන් පාන් වෑන් එකක හරවනවා වාගේ නොවෙයි- ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඬල සභික සුනිල් හඳුන්නෙත්ති 

ලංකාව මේ වන විට ආර්ථික දරුණු කඩාවැටීමක තිබියෙදී, දේශපාලන අර්බුදයක සහ සමාජ අර්බුදයක තිබියෙදී අලුතින්ම මතුවී තිබෙන්නේ චීනයේ පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුවයි. මේ නැවට පැමිණීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය පළ කරන අතර, රටක් හැටියට අපි අසරණකමකට පත්කරලා තියෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් අත්සන් තැබුවා යැයි කියන වගකීමක් නැති ලිපියක් චීන තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට චීන නැව ලංකාවට පැමිණීම ප්‍රමාද කර දෙන ලෙස ඉල්ලීමේ ලිපියක් වශයෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. රටක් හැරියට අනුගමනය කරමින් තිබෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවල දුප්පත්කම නිසා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරන්න සිදුවී තිබෙනවා. අද වෙනකොට ඇමෙරිකානු කථානායකවරිය තායිවානයට යාම සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්වය නිසා චීන දේශපාලනයේ ඇතිවී තිබෙන අර්බුදය තවත් වර්ධනය කරන්න ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිචාරය හේතු වේ යැයි අපි විශ්වාස කරනවා.

චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ සාධාරණ බියක් ඇති වී තිබෙනවා. ඉදිරියේදී බලවතුන් අතර ඇතිවිය හැකි යුදමය තත්වයකදී ලංකාවට අනතුරක් වේ යැයි කල්පනා කරනවා. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය එක්ක සමීප සබඳතා පවත්වාගෙන යනවා. අනික් පැත්තෙන් ඉන්දියාව අපේ අසල්වාසී රාජ්‍යය. ඔවුන් මෑත කාලයේදී ඉන්ධන, ඖෂධ, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී තිබෙනවා. රටවල් අතර පවත්නා මිත්‍රත්වය මේ නිසා පලුදුවේ දැයි ප්‍රශ්නයක මතුවී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් චීනයට යැව්වා යැයි කියන ලිපිය පදනම් කරගෙන ඉන්දීය මාධ්‍ය ප්‍රචාරය කර තිබෙන්නේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාවට නොපැමිණෙන ලෙස ලංකාව දන්වා ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අගමැති හෝ ජනාධිපති තවමත් එක වචනයක් වත් මේ ගැන ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ නැහැ. මේ නැව ලංකාවට පැමිණි පසු තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව ආණ්ඩුවේ ස්ථාවරය කියනවා නම් ඒකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොවෙයි. අනාගත දරු පරම්පරාවට. ඒ නිසා මේ නැව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන්වත් පැහැදිලි කරන්න ඕනෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බව කියන නමක් නැති වගකීමක් නැති නිලධාරියෙකු බව කියන පුද්ගලයෙක් යවන කොළ කෑල්ලකින් ඒක කරන්න බැහැ. ජනාධිපති හෝ අගමැති නැත්නම් අඩුම තරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ ස්ථාවරය කියන්න ඕනෑ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments