26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සේවකයන්ට ලබාදෙන සහනයන් තවදුරටත්

සේවකයන්ට ලබාදෙන සහනයන් තවදුරටත්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා  වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත  කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කරයි.

කොවිඩ් 19 තත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා  සේවකයන්ට වාර්තා කිරීමට නොහැකිවීම සහ එම ආයතනවලට බලපා ඇති මූල්‍යමය අර්බුද තත්වයන් හේතුවෙන් එම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම පිළිබඳ මීට පෙර මෙම කමිටුව විසින් ගනු ලැබූ තීරණ අනුව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සේවකයන්ට ලබාදෙන සහනයන් තවදුරටත් පවත්වා ගෙන යාම පිළිබඳ ඊයේ (16) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  එම කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමෙ දි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එම සාකච්ඡාවට සේව්‍ය පාර්ශවය වෙනුවෙන් සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විතානගේ,යොහාන් ලොරන්ස් යන අය ද වෘත්තීය සමිති වෙනුවෙන් ලෙස්ලි දේවේන්ද්‍ර,ඇන්ටන් මාකස්,සිල්වෙස්ටර් ජයකොඩි,යන අය ද අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරිහු රැසක් එක් වූහ.

සංචාරක ව්‍යාපාරය සඳහා 50% වැටුප් ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමටත්,පෞද්ගලික අංශයේ සෙසු ක්ෂේත්‍ර සඳහා පූර්ණ වැටුප් ගෙවීමට හාම්පුතුන් දක්වන ලද එකඟතාවය ඒ ආකාරයෙන්ම පවත් ගෙන යා යුතු බවත්,යම් හෙයිකින් වෙනස් වන කෝවිඩ් තත්වයන් තුළ යම් ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවළිය
 බිදවැටීමේ තත්වයක් හෝ යම් වැඩකරන පිරිසක් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සඳහා පමණක් 50% වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හැක .එවැනි අවස්ථාවල දි එම ආයතන එම අපහසුතා පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දී එම 50% වැටුප් ගෙවීමට අවසරය ලබාගත යුතු බව මෙහි දි තීරණය කෙරිණි.

 කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වයන්ට අදාලව සෞඛ්‍ය අංශ නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුකූලව ඒ ඒ වැඩබිම්වල කටයුතු ක්‍රියාත්මක කරන්නේ දැයි සොයා බැලීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව අධීක්ෂණය කළ යුතු බව අමාත්‍යවරයා මෙහි දි නියෝග කළේය.

 පෞද්ගලික අංශයේ බොහෝ වැඩබිම්වල සෞඛ්‍ය කමිටු පිහිටුවා නැති බව වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේය.ඒ අනුව  වැඩබිම්වල සෞඛ්‍ය කමිටු පිහිටුවා ඇත්දැයි කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස ද,එම පිහිටුවා ඇති සෞඛ්‍ය කමිටු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ එක්ව බලාත්මක කරන ලෙස ද, සෞඛ්‍ය කමිටු පිහිටුවා නැති වැඩබිම්වල සේව්‍ය සේවක දෙපාර්ශවයේ සහභාගිත්වයෙන් ඉතා ඉක්මනින් එම සේවක කමිටු පිහිටුවන ලෙස ද අමාත්‍යවරයා කම්කරු කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

 අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ 'සෞභාග්‍යයේ දැක්ම' වැඩ පිළිවෙළ යටතේ ,රටේ කුමන සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයක් තිබුණද ,ඒවාට නිවැරදි සෞඛ්‍ය උපදේශ මත අදාල  ක්‍රියාමාර්ගයන් ගනිමින් රටේ නිෂ්පාදන හා සේවා ආර්ථිකය බිඳ වැටීමට නොදී පවත්වා ගෙන යා යුතු බවයි.  එමෙන්ම අපගේ අපනයන  වෙළෙඳපොළ බිඳ නොවැටෙන පරිදි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව ඉහළ ධාරිතාවකින් පවත්වාගෙන යා යුතු බවත්,ඒ සඳහා සේවය සේව්‍ය සේවක දෙපක්ෂයම කැප වී කටයුතු කළ යුතු යැයිද හෙතෙම පෙන්වාදුන්නේය. 

 මෙහිදී වෘත්තීය සමිති විසින් පෙන්වා දුන් පරිදි කටුනායක හා අදාල සෙසු  ආයෝජන කලාපයන් හි සේවක සේවිකාවන් රැඳි සිටින නේවාසිකාගාර ඇතුළු නැවැති සිටින වෙනත් ස්ථාන
 විෂබීජාණුහරණය කිරීමේ වැඩපිළිවෙල පිළිවෙලක් දියත් කිරීමේ වැදගත්කමද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස්කරන ලෙස පැමිණ සිටි ආයෝජන මණ්ඬලයේ නියෝජිතවරියට අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments