23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධකරුවෙකුවන හරක්කටාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකුවන කදිරා එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන හරක්කටාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකුවන කදිරා එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

හරක් කටාගෙ ප්‍රධානම වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන සංවිධානාත්මක අපරාධ අපරාධකරුවන් මර්දනය කිරීම සහ පාතාල ක්‍රියාකාරකමි මැඩලීම ද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිදු කිරීම යටතේ ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගෙ ප්‍රධානම වෙඩික්කරුවෙකු වන මිදගම වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා නැමැත්තා තවත් අපරාධ ක්‍රියාවක් සිදු කිරීම සඳහා හරක් කටාගෙ කොන්ත්‍රාත්තුවක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක් තුල රැඳී සිටිය (14) පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු විසින් හරක් කටාගෙ නියෝග මත 2022 අප්‍රේල් මස පස්වන දින වැලිගම දී චූටි මාමා නමැත්තාට වැඩි තැබීම සිදුකළ අතර එහි දී ඔහුගේ ජීවිතය බේරුණු අතර ඉකුත් මැයි 14 රොෂාන් හෙවත් ජැකාට වෙඩි තැබූ අතර එහි දී එම තැනැත්තාට තුවාල සිදුවිය. ස්ත්‍රී දුෂණ දූෂණ සහ මංකොල්ලකෑම් රැසකට අවශ්‍යව තිබූ මෙම සැකකරු වෙඩි තැබීම් සඳහා භාවිතා කරන ලද ත්‍රී 8 වර්ගයේ ගල් කටස් ගිනි අවිය ද වෙඩි තැබීම් සඳහා භාවිතා කර ඉතුරු වන ලද ජීව උණ්ඩ තුනක් ද සමගින් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17ක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මාතර කොට්ඨාස අපරාධ මර්දනය ඒකකය වෙත භාර දුන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments