22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්යහපාලන ආණ්ඩු කාලයේදී කැබිනට් පත්‍රිකා දෙකක්ම යොමු කර අද ඇතිවී තිබෙන තත්ත්වත්ව...

යහපාලන ආණ්ඩු කාලයේදී කැබිනට් පත්‍රිකා දෙකක්ම යොමු කර අද ඇතිවී තිබෙන තත්ත්වත්ව ය උද්ගත විය හැකි බව මා අනතුරු ඇඟෙව්වා- පාඨලි චම්පික රණවක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මගින් ලබාදෙන ණය මුදල මගින් මෙරට සියලු ප්‍රශ්න නිරාකරණය කරගත නොහැකි බවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සම්පුර්ණ විදේශ ණය ඩොලර් බිලියන 55න් සෘජුවම ඩොලර් බිලියන 39ක් ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා හැකි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහ ගතකළ යුතු බව ඒ මහතා රජයට අවධාරණය කරයි.

චම්පික රණවක මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව…

ඊයේ  ජාත්‍යන්තර මාධ්‍ය අනුවේදනීය සිදුවීමක් වාර්තා කළා ලෙබනනයේ බීරූඩ් නගරයේ. පුද්ගලයෙක් ගිහිල්ලා බැංකුවකට ඇතුල් වෙලා ආයුධ සන්නද්ධව ඔහුගේ බැංකුවේ තැන්පත් කරලා තිබිච්ච ඒ මුදල් ඉල්ලා හිටියා. ඔහුගේම ඥාතීන්ගේ රෝහල් බිල් ගෙවීම සඳහා. ලෙබනනය දෙදාස් විස්සෙදි බංකොලොත් වුණා. අද ඒ බැංකු පද්ධතියට නොහැකි වෙලා තිබෙනවා තමන්ගේ තැන්පත්කරුවන්ට මුදල් ලබාදෙන්න. ලංකාව දෙදාස් විසිදෙකේ අප්‍රේල් දොළොස් වෙනිදා බංකොලොත්භාවය ප්‍රකාශ කළා. අපේ රටෙත් මේ තත්වය අනාගතයේ ඇති නොවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඒ වගේම ආර්ථික න්‍යාය පත්‍රය පිළිබඳ යම් අදහස් වලියක් ඉදිරිපත් කළා. ඒ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති වෙනවද ඒක ඇති වෙන්නේ කොයි දිසාවටද කියන එක ගැන ඒ පලකල අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සලකා බලලා ක්‍රියා කරන්න. හැබැයි ආර්ථික න්‍යාය පත්‍රය අපිට පැහැදිලි වුණේ නෑ. මේ රටේ බොහෝ දෙනෙකුට මේ අරගලයේ ඉන්න පිරිසත් අහපු දේ තමයි මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙන වග දැන දැනත් ඇයි  හිටියේ කියන කාරණය.

මේ ගැන අපි අනතුරු ඇඟෙව්වා. දෙදාස් දාහතරේදී මං කෘතියක් කළා. ආලපාලු ආර්ථිකය කියලා. ඒ අවස්ථාවේදී අරගෙන තිබිච්ච අධික පොලියට අරගෙන තිබිච්ච අන්තර්ජාතික බැඳුම්කර ඒවා මඟින් කරපු මෙගා ව්‍යාපෘති විසින් රට ඉතාමත්ම බරපතල ණය අර්බුදයකට ලක් වෙනවාය කියන එක පිළිබඳ අනතුරු ඇඟවීම් මම කළා. ඒ වගේම යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාවෙත් මේ පිළිබඳව මේ ණය කළමනාකරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මං ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව මේ සියලු දෙනාගේම දැනගැනීම පිණිස කියන මාතෘකාව යටතේ මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී දෙදහස් දාසයේ ඔක්තෝබර් හත්වෙනිදා මෙවැනි තත්වයක් මේ රටේ ඇතිවෙන බව ප්‍රකාශ කරමින් මේක පාලනය කිරීම සඳහා මේ පියවර ගන්නෙයි කියලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සමහර කැබිනට් සාමාජිකයෝ මෙතන ඉන්නවා. ඒ වගේම ඉන් වසරකට පසු අද ජනාධිපතිතුමා එදා ආර්ථික සංවර්ධන ඇමතිතුමා හැටියට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට පිළිතුරු වශයෙන් මේ ණය කළමනාකරණය කිරීම සඳහා උපාය මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් මම තවත් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ කැබිනට් පත්‍රිකාවත් මම මේ අවස්ථාවේදී සභාගත කරනවා හැන්සාඩ් ගත කිරීම සඳහා.

මේ අනතුර අපි දැක්කා මීට වසර ගණනාවකට පෙර දශකයකට ආසන්න කාලයක තිස්සේ මේ අනතුර අපි දැක්කා. අද මේ රටේ බොහෝ හිතන දෙයක් තමයි අන්තර්ජාතික මුල්‍ය අරමුදලට අපි යනවා. අන්තර්ජාතික මුල්‍ය අරමුදලට ගියාම අපේ ණය අන්තර්ජාතික මුල්‍ය අරමුදල ගෙවනවා කියලා. එහෙම දෙයක් නෑ. අපිට අද තියෙනවා ඩොලර් බිලියන පනහකට අධික ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය ඒකෙන් සෘජුවම ඩොලර් බිලියන තිස් නමයක් ලංකා ආණ්ඩුව හා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවිය යුතු ණය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් වැඩිම උනොත් අවුරුදු තුනක් ඇතුළත අපට බිලියන තුනක විතර මුදලක් ලැබෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments