22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රජය පැවති අර්බුදයන්ට ක්‍රමානුකූල සාර්ථක පියවරක් ගෙන තිබෙනවා- පා.ම.මහාචාර්ය රංජිත් බණ්ඩාර

රජය පැවති අර්බුදයන්ට ක්‍රමානුකූල සාර්ථක පියවරක් ගෙන තිබෙනවා- පා.ම.මහාචාර්ය රංජිත් බණ්ඩාර

ජාතික භික්ෂු පෙරමුණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැ දැක QR ක්‍රමය හාල් පොතට සමාන බවට ප්‍රකාශ කර ඇත. නමුත් රජය පැවති අර්බුදයන්ට ක්‍රමානුකූල සාර්ථක පියවරක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරන කොටම පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මැතිතුමා මූලික ප්‍රශ්න 05 ක් හදුන ගත්තා. ශ්‍රී ලංකාව සර්ව කාලීනව මුහුණ දිපු ප්‍රශ්න. මේ රටේ තරුණයින්ගේ අපේක්ෂාව කුමක්ද? අපේ ආර්ථිකය නවීකරණය කරන්නේ, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නේ,ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකය වෙත තිබ‍ෙන අවකාශය කුළුගන්වන්නේ , සර්වකාලීන ජාතීන් අතර සමඟි සංධානය ඇති කරන්නේ කියන ප්‍රශ්න මුල්කරගෙන තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය හැඳුනේ. ඒ නිසා අවුරුදු 74 ටම කිසිදු දේශපාලන පක්ෂයකට හිතන්න බැරි පරාසයක් තුළ පක්ෂයට ගමන් කිරීමට හැකි වුණ අතර ඒ නිසා තමයි ජයග්‍රහණ ගණනාවක් ලැබුණේ. ඒ නිසා දැන් තිබෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපරාජිත දේශපාලන පක්ෂයක්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අඩුවෙන් තක්සේරු කරන අයට අපි ආරාධනා කරනවා ඔබලාගේ උත්තර දැන් තිබෙන ප්‍රශ්නවලට කියන්න.
අපි දැක්කා රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මාස 04 ක් අකර්මන්‍ය වෙලා තිබුණා. මේ අරගලවලට සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, වෘත්තිය සමිති, බහු ජන සංවිධාන, ආගමික නායකයින්, කලාකරුවන් සම්බන්ධ වුණා. හැබැයි මේ කිසිකෙනෙක් මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගෙන ආවද? ඒ නිසා ගෝඨභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමාට ආරාධනා කළා අගමැතිකම භාර අරගෙන එතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. සැර අඩුකරලා තුන්වෙනි ලියුමත් ලියලා කර ඇරියා. දැන් අලුත් සෙල්ලමක් පටන් අරගෙන තිබෙනවා. එක පැත්තකින් සමහර දේශපාලන පක්ෂවල බට්ටෝ දාලා press තියලා අපිට අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා,
“දැනට රටේ තිබෙන තත්වය සියට සියක් ප්‍රශ්න විසඳුනේ නැති වුණාට ජනතාවට අවශ්‍ය පරිදි ගෑස් ටික බෙදා හැරීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භවෙලා තිබෙනවා. පොහොට්ටුවේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථිකය විනාස කළේ කියලා කිව්වා. හැබැයි ඒ චෝදනාව අපිට එල්ල කරන වෙලාවේ අපි එයින් පලා යන්නේ නැතිව අපි මේවට පිළිතුරු හොයනවා. ඒ නිසා අපි ගෑස්, තෙල් ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳලා තිබෙනවා.
මේ ප්‍රශ්න විසඳීමට කළමණාකරණය කරන වැඩපිළිවෙළක් හරි මේ වන විට අපේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙනවා. ගෑස් පෝලිම තෙල් පෝලිම යන පෝලිම් යුගය අපි නතර කරලා සාමාන්‍ය මට්ටමෙන් ජන ජිවිතය ගෙනියන්න පුළුවන් ශක්තිය අපිට තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments