23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම ඉක්මන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පොලිසියට පරිගණක...

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම ඉක්මන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පොලිසියට පරිගණක 10ක්.

විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පරිගණක 10ක් පරිත්‍යාග කළේය.

දකුණු කොරියාව, ඊශ්‍රායලය ඇතුළු තවත් රටවල රැකියා සඳහා යාමේදී පොලිස් නිෂ්කාශන වාර්තාව අනිවාර වන අතර, එය ලබාගැනීම ප්‍රමාදවන හෙයින් කඩිනමින් එම වාර්තා ලබාගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. එහිදී පරිගණකවල හිඟකම හේතුවෙන් පොලිස් වාර්තා ලබාදීම ප්‍රමාදවන බව අනාවරණයවි අැත. එයට විසඳුමක් ලෙස කාර්යාංශය මෙම පරිගණක පොලිස් දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිත ලී මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහකාර පොලිස් අධිකාරීවරුන් වන රොහාන් ඕලුගල හා ජයරත්න යන මහත්වරුන්ද, කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ) ඒ.කේ.යූ.රෝහණ හා අමාත්‍යවරයාෙග් පුද්ගලික ලේකම් ශාන් යහම්පත් යන මහත්වරුන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments