බ්‍රි තාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට නැවතත් නිරෝධායනයට ලක් වීමට සිදු වීමත් සමග ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටි ඔහුගේ නිල නිවස කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කෙතරම් දුරට ආරක්‍ෂිතද යන ගැටලුව මතුව තිබේ. මේ පිළිබඳව මාධ්‍ය ඇතුළු ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න මතුකර තිබෙනු දැකිය හැකි වේ. ජොන්සන්ගේ රජය රට තුළ වසංගතය කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් පමණක් නොව ඔවුන්ගේම ගොඩනැගිලි තුළ ආරක්‍ෂාව පවත්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පවා මේ නිසා ගැටලු මතුවන බව ඇතැම් මාධ්‍ය පෙන්වා දී තිබේ.
බොරිස් ජොන්සන්ට දෙවැනි වරටත් නිරෝධායනය වීමට සිදු වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ඔහු සහ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකින් පසුවය. මෙම මන්ත්‍රීවරුන් අතර සිටි ලී ඇන්ඩර්සන් නමැති මන්ත්‍රීවරයකුට වයිරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණය විය. අගමැතිවරයා මුව ආවරණයකින් මෙන්ම නිසි දුරස්ථභාවය පවත්වා ගැනීමකින්ද තොරව මෙම මන්ත්‍රීවරුන් සමග සිටින අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය පළ කර තිබෙනු දැකිය හැකි විය. අගමැතිවරයා ලී ඇන්ඩර්සන් මන්ත්‍රීවරයා අසල සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්ද මේ අතර වෙයි.
ඩවුනින් වීදියේ මෙම නිවස කාර්ය මණ්ඩල සාමාජිකයන්, උපදේශකයන් ඇතුළු නිලධාරීන් සිය ගණනක් දිනපතා ගැවසෙන තැනකි. රැස්වීම් ශාලා, සාකච්ඡා කාමර ඇතුළු අංග රැසක් මේ තුළ පිහිටා තිබේ.