ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් (22) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීමද මෙහිදී අවධානයට යොමු විය.
UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙයි. සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් UNDP ආයතනය වෙන්කර ඇත. මෙයට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මගී ප්‍රවාහනයට සම්බන්ධ සියලු ආයතන වල වගකීම ජාතික ගමනාගමන කොමිෂන්මට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එමඟින් පනත සංශෝධන කිරීමට, ගාස්තු තීරණය කිරීම හා දඩ මුදල් නියම කිරීමේ බලය ද එමගින් ජාතික ගමනාගමන කොමිසමට ඉඩ ලැබෙන බවත් ඉදිරියේදී විදුලි බලයට පරිවර්තනය කරන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අදාල කටයුතුද ආරම්භ කරන බවත් පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ලේකම්, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් හා UNDP ආයතනයේ නියෝජිතයින් පිරිසක් එක්වූහ.

