ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජය ගැනීමට සමත් විය.
සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175 කි.
රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් විය.
හතරේ පහරවල් 4 කින් සහ හයේ පහරවල් 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 40 යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ශාන් මදුෂංක කඩුලු 2 ක් බිඳ හෙලිීමට සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි 1 පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.
පැතුම් නිස්සංක ලකුණු 35 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 19 කින් ලකුණු 36 යි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් රැස් කළේ ය.
භානුක රාජපක්ෂ පන්දු 14 කින් නොදැවී ලකුණු 34 යි.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ඉන්දියාව සමග ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය.