මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සිදුකර ඇත. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (29) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ අංක 1C/F6/U3, මුවදොර උයන, ෆර්ගියුෂන් පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 40, මි.ග්‍රෑ. 500 ක් සහ රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක්, ජංගම දුරකථන 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 පසුවන ෆර්ගියුෂන් පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හාරලක්ෂ තිස් දහසකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මොරටුව පොලිස් වසමේ අංක 90/33/3/1, රෝහල් වත්ත, ලුනාව, මොරටුව ලිපිනය පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර නීති විරෝධී කේරළ ගංජා කිලෝ 03, ග්‍රෑම් 285 ක් සහ මුදල් රු 30,000 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 වන රෝහල්වත්ත, ලුනාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධානතම ගෝලයෙකුගේ මව අයිස් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්ම වර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 796/11, බ්ලුමැන්ඩල් පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදු කර නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 මි.ග්‍රෑ. 420 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 63 වන මාදම්පිටිය පාර, කිඹුලා ඇල ප්‍රදේහයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මැයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී විදේශ ගතව සිටින කිඹුලා ඇලේ ගුණා නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි යන අයගේ මව බවට කරුණු අණාවරණය වී ඇත.