26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපිස්තෝල අවියක් සමග හමුදා සෙබලකු හා මැණික් ජවාරමුන් එස්.ටි.එෆ්.අත්අඩංගුවට.

පිස්තෝල අවියක් සමග හමුදා සෙබලකු හා මැණික් ජවාරමුන් එස්.ටි.එෆ්.අත්අඩංගුවට.

පිස්තෝලයක් සමග හිටපු හමුදා සෙබලකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති පො.ප. සී.ආර්. පාරමුල්ල‌ගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, අබේගුණවර්ධන ජෙම්ස් ආයතනය අසල දී වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් උණ්ඩ දෙකක් සහිත මැගසිනයක් බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදාවේ සිට සේවය අතහැර දමා පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිස්තල අවියේ අවි අංකය සඳහන් කොටසේ අංකය මකා දමා ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කැලණි ගඟේ මැණික් ගැරූ 09 ක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පුගොඩ කඳවුර අණදෙන නිලධාරී පො.ප ඩී.එම්.එස් දිසානායක ඇතුළු කණ්ඩායමක් (30) කොස්ගම පොලිස් වසමේ හද්දුවවත්ත ප්‍රදේශයේ කැලණි ගගේ ඇලමෝදර තොටුපලේ දී වැටලීමක් සිදුකරන කැළණි ගඟේ මහා පරිමාණයෙන් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 09 ක් ෆයිබර් ඔරු වලින් සාදන ලද පාරු 03 ක්, කම්ප්‍රෙෂර් යන්ත්‍ර, ඔක්සිජන් ටැංකි, ගැරුම් වට්ටි ඇතුළු උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු. 30 ත් 58 ත් අතර පසුවන කොස්ගම, අවිස්සාවේල්ල, පුවක්පිටිය, තිත්තපත්තර, තල්ගහවත්ත ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඇහැලියගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments