22.5 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeදේශීය පුවත්පියල් නිශාන්ත පාසල් නිරීක්ෂණ චාරිකාවක

පියල් නිශාන්ත පාසල් නිරීක්ෂණ චාරිකාවක

නව පාසල් වාරය ආරම්භයේ දී දරුවන්ගේ පැමිණීම අවම වීමට හේතුව මාධ්‍ය තුළින් විවිධ පාර්ශව සිදුකරන පදම් විරහිත ප්‍රකාශ බව කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පැවසීස. ඒ මහතා මේ බව පවසනු ලැබුවේ නව පාසල් වාරය ආරම්භ වූ 23 වන දා බෙන්තර ගමිණී ජාතික පාසලේ නිරීක්ෂණය චාරිකාවකට එක්වෙමිනි.

රජය සෞඛ්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිසි වැඩපිළිවෙළක් සහිතව කෝවිඩ් 19 අවධානම අවම ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කලේය. දේශපාලන අරමුණ පෙරදැඩිව ඇතම් පාර්ශව අසත්‍ය ප්‍රචාර පතුරන බවත් දෙමාපියන් සහ ගුරුවන් එම ප්‍රචාර පිළිබඳ අනිසි බියක් ඇතිකර ගතයුතුය නැති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනේය.  එසේම මේ වන විටත් පාසල් තුල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට අවශය ප්‍රතිපාදන රජය විසින් ලබාදී ඇතැයිද පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම හරහා දරුවන් ජිවිතයේ වටිනා කාලය විනාශ වීමක් සිදුවිය හැකියැයි ද ප්‍රකාශ කලේය. එසේ වුවහොත් රටක් ලෙස අපට විශාල ගැටළු වලට අනාගතයේ මුහුණ දීමට සිදුවිය හැකියි කෝවිඩ් වසංගත අවසන් වූ පසු අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් එය අනුවන කමක්. කෝවිඩ් සමඟ ආරථිකය සේම අධ්‍යාපන ද ඉදිරියට ගෙනයාම රජයේ වගකීම. යනුවෙන් ද ඒ මහහතා මෙහි දී ප්‍රකාශ කලේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments