23.8 C
Sri Lanka
Tuesday, May 13, 2025
Homeදේශීය පුවත්ජනතාවට ලබාදෙන සහනාධාර ගැන කිසිවෙකු කලබලයට පත්විය යුතු නැහැ

ජනතාවට ලබාදෙන සහනාධාර ගැන කිසිවෙකු කලබලයට පත්විය යුතු නැහැ

ජනතාවට ලබාදෙන සියලු සහනාධාර අපි නොපිරිහෙලා ලබාදෙන අතර ඒ ගැන කව්රුත් භීතියට කලබලයට පත් විය යුතු නැති බවත් කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවයකට පත් කිරීමට ඉඩ තබන්නේ නැති බව
කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ප්‍රකාශ කරයි. 

 එහිදි වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය........මේ අවස්ථාව වෙනවිට කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික සීමාව තුල විශේෂයෙන්ම මහල් නිවාස සංකීර්ණ හතක් කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය නිසා හුදෙකලා කර තිබෙනවා. මොරටුවෙත් එක් මහල් නිවාස සංකීර්ණයක් හුදෙකලා කර තිබෙනවා. ඒ මහල් නිවාසවල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් සිටි නිසයි මෙසේ හුදෙකලා කර තිබෙන්නේ. එහිදි අපි නිරෝධායනව වන පවුල් වෙනුවෙන් සති දෙකකට අවශ්‍ය ආහාර මල්ලක් ලබාදුන්නා. නැවත වතාවක් සෞඛ්‍ය අංශවල උපදෙස් මත  මේ මහල් නිවාස හුදෙකලා කළොත් ඒ අයට ආධාර ලබාදෙන්න කටයුතු තීරණය කර තිබෙනවා. 

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දෛනිකව තම ජීවනෝපාය අහිමි කරගත් ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව මේවනවිට 90%ක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. මේකටයුතු සිදුකෙරෙන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මතයි. ජනතාව ඒකරාශි කිරීමේ හැකියාව නැති නිසා. යම් ප්‍රමාදයන් වුණානම් සිදුවුණේ. නැතිව භාණ්ඩාගාරය අපිට අවශ්‍ය සියලු මුදල් අපිට ලබාදී තිබෙනවා. මෙම මුදල් දිසාපති මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙත යවා තිබෙනවා. 

ඊයේ (23) අපි සාකච්ඡාවක් පැවැත්වුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුළු සියලු අදාල නිලධාරින් සමග සාකච්ඡාවක් පැවත්වූවා. රුපියල් පන්දහසේ දීමනාව ලැබු ජනතාව මේ ආකාරයට විරෝධතා දැක්වීමට ඒකරාශිවීම මෙම වසංගතය පැතිරවීමට රුකුලක් වෙනවා. ඒ නිසා මේ පසුපස සිටින දේශපාලන නායකත්වයක් හෝ වෙනත් පිරිසක් සිටිනවානම් ජනතාව දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි කාගෙත් යුතුකම වෙන්න ඕනේ සියලු දේට වඩා ජනතාවට හැකි පමණ උදව්උපකාර කිරීමයි. නමුත් අපි මෙහිදි දකිනවා දේශපාලන නායකයෝද කියලා අපි දන්නේ නැහැ නමුත් යම් කිසි පිරිසක් මේ පිටුපස සිටින බවට නිගමනයකට පැමිණෙන්න පුළුවන්. 

ඒ නිසා අපි ඉදිරියේදි සමහර මහල් නිවාස හුදෙකලා කිරීමේදි ඒ ආශ්‍රිතව තිබෙන මහල් නිවාසවල අසීරුතාවයට පත්වන ජනතාවට කුමන ආකාරයට සහනාධාර සපයන්නේ කොහොමද කියලා අද තීරණයක් ගත්තා.ඒ ගැන ජනාධිපති කාර්යසාධක බලකායට ඉදිරිපත් කිරීමට තීරණයක් කළා. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments