වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හසන්ත ගුණතිලක…මේ තුන් දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග, දින අනුවේ රැඳවුම් නියෝග යටතේ ඒ අයව තංගල්ලේ සිර ගත කරලා තියෙනවා. දැනට දින 48 ක ට වැඩි ප්‍රමාණයක්. ගරු අග්‍රාමාත්‍ය තුමනි මොකක්ද මේ අය කරපු වරද? දැන් අපිට අහන්නට ලැබෙනවා රෑට රෑට වසන්ත මුදලිගේ ව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශ වලට ගෙනිහිල්ලා මං නම් දන්නෑ මොනවද කරන්නේ කියලා රෑට රෑට. ඇයි මේක දවල්ට කරන්න බැරි? නෑ මං අහන්නේ මේක විහිලුවකට ගන්න එපා. අවසානයේ මොනවහරි සිද්දියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා. ඒක හින්ද වෙඩි තිබ්බ කියලා.
ඉතින් මං අහන්න කැමතියි. අග්‍රාමාත්‍යතුමනි, මේකට අවධානය යොමු කරනවා නම් හොඳයි. මේක, මේ අයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෑස්පහ හන්දියේ රාජ්‍ය විරෝධී වැරදි සඳහා. මොකක්ද රාජ්‍ය විරෝධී කියන්නේ? මේ රටේ මනුස්සයෙකුට මහ පාරට බැහැලා රජයේ යම් කිසි වරදක්, අඩුපාඩුවක්, ඌණතාවයක්, ගැටලුවක් සිදුවෙනවා නම් ඒවා ගැන පෙළපාලි යන්න, මහ පාරට බහින්න, කතා කරන්න, රැස්වීම් තියන්න ඒවට නිදහසක් නැද්ද මේ රටේ? මානව අයිතියක් නැද්ද? මම කියන්න කැමැතියි බොහොම පැහැදිලිව අපි කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැහැ. ඒකට සියයට ලක්ෂ වාරයක් අපි එතන ඉන්නවා.
නමුත් අග්‍රාමාත්‍යතුමනි, සාමකාමීව දේශපාලනික උද්ඝෝෂණයක් කරන්නට මේ රටේ ඉඩක් නැද්ද? දැන් තවමත් චෝදනා පත්‍රයක් නැහැ. දින අනූවක් රැඳවුම් නියෝග. මේක බොහොම බිහිසුනු තත්වයක්. දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි, ජිනීවා වල මානව හිමිකම් පිළිබඳව සාකච්ඡාව වන මොහොතක මේ වගේ කටයුතු කිරීම සුදුසුද? මේ අපි ඇත්තටම මේ උණ්ඩ නේද දෙන්නෙ? අපි ආයුධයක් දෙනවා නේද අපේ රටට විරුද්ධව තවතවත් යෝජනා සම්මත කරලා අපේ රට විපතට පත් කරන්න. ඇයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න ඔබතුමාට මැදිහත් වෙන්න බැරි? දැන් ඔබතුමාලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගන්නවා කියලා. ඒක ඉවත් කරගන්නවා වෙනුවට ඒක පාවිච්චි කරලා මෙහෙම වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම එහෙම සිරගත කරන එක හරිද?
දැන් ඇත්ත වශයෙන්ම මෙතන නිර්මාණය වෙන්නේ වෙන ත්‍රස්තවාදයක් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය. රාජ්‍ය මිලේච්ඡත්වය. දැන් තමුන්නාන්සේලා බලහත්කාරකම් කරනවා මේ රටේ ජනතාවට විරුද්ධව. නෑ ගරු අග්‍රමාත්‍යතුමනි, මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? බඩගින්නෙන්, දුක් ගින්නෙන්, අසහනයෙන්, පීඩනයෙන් ඉන්න කොට මහ පාරට බැහැලා ඒ දුක් ගින්න වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද? පෙලපාලි අයිතියක් නැද්ද? රැස්වීමක් පවත්වන්න අයිතියක් නැද්ද? දැන් ඊයේ දවසේ මං දන්නෑ ගරු කථානායකතුමා දැක්කද කියලා. මං දන්නෑ මේක මහ මෝඩ ආණ්ඩුවක්. මේ ශිෂ්‍යයෝ එලියට ඇවිල්ල තමන්ගේ අදහස ඉදිරිපත් කරනකොට ප්‍රචණ්ඩත්වය එල්ල කරනවා. ඇයි? ඇයි ඒ අයට නිදහස ලබා දෙන්නේ නැත්තේ ඒ අයගේ අදහස් ඉදිරිපත් කරන්න. ඊයේ ශිෂ්‍යයොන්ට ගහලා ගහලා. ඊට පස්සේ ඒගොල්ලෝ රැස්වීමක් තියලා. මොකක්ද මේකෙ තේරුම? ඇයි මේ භීෂණය? ඇයි මේ රාජ්‍ය ත්‍රස්තවාදය? ඇයි මේ රාජ්‍යය මිලේච්ඡත්වය? මම බොහොම කාරුණිකව ගරු අගමැතිතුමාට කියන්න කැමතියි. මේ ගහගන්න හදන්නේ own gall එකක්. මානව හිමිකම් කොමිසමේ. අපි සූදානම් නැහැ මේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්මත වෙනවට. අපි ඒවට කැමති නැහැ. අපි විපක්ෂයේ හිටියත්. අපි මේ රටේ පුරවැසියන් හැටියට අපි කැමති නෑ. නමුත් ඔබතුමන්ලා කරන්නේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට දිරි ගැන්වීම. ඒකට උත්තේජකයක් ලබාදීම.