ගෘහස්ථ ගෑස් මිල කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ.ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. මෙය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
කිලෝග්‍රෑම් 5යේ ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි.
කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.
මේ සම්බන්ධයෙන් ඊයේ(05) පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු මෙම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ මෙම වසර අවසන්වන විට ලෝක බැංකුව ලබාදුන් ණය සඳහා වාරික ගෙවීම දැනටමත් ආරම්භ කර තිබෙන අතර එය සම්පූර්ණයෙන්ම පියවීමට වසර අවසන්වන විට බලාපොරොත්තුවන බවයි. ලිට්‍රෝ සමාගම නිරන්තරයෙන් පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට හැකි සෑම උත්සහයක්ම දරන බවද කීවේය.