27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්73 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් විශේෂ කිතුනු දේවමෙහෙයක්.

73 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් විශේෂ කිතුනු දේවමෙහෙයක්.

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක්  (03) දින සන්ධ්‍යාවේ බොරැල්ලසියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ මෙම  ආශීර්වාද දේවමෙහෙය    සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූ අතර, එහිදී කිතුනු ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්බීඑස්එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූහ.

උත්සවය ආරම්භයේදී කොළඹ පදවියේ අගරදගුරු මැක්ස්වෙල් සිල්වා පියතුමා විසින් පවත්වන ලද විශේෂ දිව්‍ය පූජාව සහ තුති පුද කිරීමේ දේව මෙහෙය ආරම්භ කල අතර, එහිදී  භටපිරිස් විසින් යුද්ධ හමුදා ධජය සහ අනෙකුත් සියළු රෙජිමේන්තු ධජයන් ඉතා ගෞරවයෙන් රැගෙන විත් අල්තාරය පාමුල තැබීමෙන් අනතුරුව, සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සේවයේ නියුතු සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ට මෙන්ම යුද්ධ හමුදා ධජය සහ අනෙකුත් සියලු ධජයන් වෙත ආශිර්වාද ගන්වන ලදී.

එම අවස්ථාවේදී, ශුද්ධ වු දේවමෙහෙය සිදුකරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදන් වූ විරෝදාර රණවිරුවන්ටත්, යුද්ධයේදී හා අනෙක් අවස්ථාවන්හීදී තුවාල ලැබු රණවිරුවන්ටත් ඉක්මන් සුවය පතමින් දේව ආශිර්වාද එක් කරන ලද අතර, එහිදී රදගුරු තුමන් විසින් යුද්ධ හමුදා කාර්යභාර්යද ඇගයීමට ලක්කලේය.

දේව මෙහෙය අවසානයේදීජනතාවගේ ආධ්‍යාත්මික සුවය සහ හිතසුව පිණිස මෙම දේවස්ථානය විසින් සිදුකරනු ලබන ආගමික සේවාව අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රදගුරුතුමන් වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබූහ.

මෙම ආශීර්වාද දේව මෙහෙය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

දේව මෙහෙය අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම දේව මෙහෙයට සහභාගී වූ ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල 20 ක් බෙදා දෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments