29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී නිතරගයෙන් පත් වෙයි.

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී නිතරගයෙන් පත් වෙයි.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා  ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.

මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙල හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.

රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments